පවුලක දරුවන් සේ
අපි සැම එකතුවෙලා මෙදිනේ
අදහන බැතියෙන් බැති ගී ගයමින්
සමිඳුන් වෙතට යමු
පුදසුන වටලා එක් රැස් වීලා
හිඳිනෙමු අපි සැවොමා
එක් වී ගයලා සමිඳු පුදාලා
දිවි ගෙවනෙමු සැම දා
පව් මල සෝදා සමාව ලබලා
නැවුම් බවක් ලබලා
මේ අද දවසේ අප සැම සතුටින්
සමිඳුට පසස දෙමු
දැහැමි දයාවෙන් කරුණා ගුණයෙන්
සිත් සනසා පුරවා
දෙවිඳු මහිමයෙන් සාමයෙ ලකුණින්
අප දිවි ඔප් කරමු
ගරු සර්ජියස් ප්‍රනාන්දු පියතම