මහ කරුණා මෙතින් ඔබේ අනේ දෙවියනේ වන්නැ මට දයා
අනුකම්පා බරින් ඔබේ මකා දමන්නේ මගේ දොස් පමා
දොවනු අනේ තව තව මගෙ / කෙලෙස් මලින් මා //
පිවිතුරුවට පිසැ දමන්නැ / පව් කමිනුත් මා //

මා කළ නොපනත් කම් මම දනිම් හොඳට ඒ මගෙ බර පාපේ
මගේ සිතින් නොමැකීමැයි ඒ පවතින්නේ තිස්සෙ දෙවේලේ
ඔබටමැ හතුරුවැ පමණෙකි / මා පව් කෙරුවේ //
ඔබේ ඇසට පිළිකුල් දේ / මා සිදු කෙරුවේ //

ගැලවුම් කරු දෙව්සුරුණේ මගෙ බර පාපෙන් මා ගලවන්නේ
තවද මගේ දිව ඔබගේ ගුණ කඳ සදහා තොස පතුරන්නේ
හිමි සඳුනේ අනේ ළිහනු / මුව විට මාගේ //
දිවද මගේ එවිටැ ඔබේ / පසස දෙසන්නේ //

ඔබට පුදන කිළිටි පුදත් කෙරේ නැත ඔබේ සතුට වඩන්නේ
ගින්නේ දවන පුදවත් ඔබ පිළිකුලින් නොසා අහක දමන්නේ
පුළුටු පඬුර ඔබට පුදන / බිඳුණු සිත මගේ //
බැගෑ බිඳුණු හද ඔබ නැත / එපා කරන්නේ //

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *