mariya thumiya saha mayi masaya

මැයි මාසය මරියතුමිය වෙනුවෙන් කැපකළ මාසය ලෙස සැලැකිමේ දිගුකාලීන භක්ති සම්ප්‍රදායක් කතෝලිකයින් තුළ පවතී. මෙයට හේතු කිහිපයකි:

1. ඉතිහාසමය සම්ප්‍රදාය

මැයි මාසය දේව මාතාවන්ට කැප කිරීමේ සම්ප්‍රදාය 13 වන ශතවර්ෂය තෙක් දිවයයි. එහෙත් එම සම්ප්‍රදායේ නිල ආරම්භය ක්‍රි. ව. 1700 සිට ජෙසු නිකාය (Jesuit) මරිය මතාවන් කෙරෙහි භක්තිය වඩවන “මරියානු මාසය” (Marian month) ලෙස මැයි මාසය නම් කිරීම ඇසුරෙන් සකස්වූවක් බව පිලිගනී.

18වන ශතවර්ෂය වනවිට එම සම්ප්‍රදාය නිලවශයෙන් සහ වඩාත් සංවිධානගත ස්වභාවයක් ලබා ගත්තේය. මැයි මාසය “මරිය මාසය” ලෙස සැලකීමේ මුල් පදනම් සකස්වන්නේ එම පසුබිම් තුලය.

2. “වසන්ත කාලයේ සංකේතාත්මකත්වය”

මැයි මාසය වන විට මල් පිපෙන පරිසරය චමත්කාරජනක වන කාලයකි. යුරෝපීයානු කලාපයන් හී වසන්ත කාලයේ උදාව සනිටුහන් වන මාසය ය. එය ජිවිතය පිලිබදව නව බලාපොරොත්තු දල්වන කාලයකි.

මෙම තේමාවන් (new life, beauty, and growth) මරියාවන් සමඟ සංකේතාත්මකව සම්බන්ධ වේ, ඇය බොහෝවිට “මිස්ටිකල් රෝසමල” (Mystical Rose) ලෙසද, ජීවිතයේ සහ පවිත්‍රත්වයේ මව (mother of life and purity) ලෙස ද කතෝලික ඉගැන්වීම් තුල සැලකේ.

මෙම සංදර්භයද මැයි මාසය මරියතුමිය වෙනුවෙන් කැපකළ මාසය ලෙස සැලැකිමට ඉවහල් වී තිබේ.

3. ජනවන්දනාව

බොහෝ රටවල කතෝලිකයින් අතර මැයි මාසය තුළ දේව මාතාවන් මලින් සැරසිමේ (May crownings) උත්සව සම්ප්‍රදායක් 19 වන වන සියවසේ දී ප්‍රචලිතවන්ට විය. එම උත්සව තුලදී දේව මාතාවන්ගේ ප්‍රතිමා මල් වලින් හා මල් මාලාවලින් සැරසීමක් ක්‍රමයෙන් පැතිර යන්නට විය.

මෙම භක්ති සම්ප්‍රදායත්, දේවමතා පෙරහැරවල් හා දේවමාතා සුරුවම් නිවෙස්වලට වඩමවා, ජපමාලය හා ප්‍රාර්ථනා කියා, සාමුහිකව දේවමාතාවන් යැදීමත් 19වන සියවස වනවිට ලොව පුරා වෙසෙන කතෝලිකයින් අතර පැතිර ගොස් තිබුණි.

විශේෂයෙන්ම ජපමාලාය යැදීමේ, මාසය ලෙස මැයි මාසය විශේෂයෙන් අවධානයට ලක්වීමේ ජනවන්දනා සම්ප්‍රදාය ද මැයි මාසය මරියතුමිය වෙනුවෙන් කැපකළ මාසය ලෙස සැලැකිමට හේතුවී ඇත.

4. පාතිමා දේව මතා දර්ශනය

ලූසියා සැන්ටොස්, ෆ්‍රැන්සිස්කෝ සහ ජැසින්ටා මාර්තා නම් ළමුන් තුන්දෙනාට පෘතුගාලයේ පාතිමා නුවර දී දේවමාතාවන් දර්ශන වීම ප්‍රථමයෙන්ම සිදුවන්නේ 1917 මැයි 13 වෙනිදා ය.

ඉන් පසු, පුරා මාස 6ක කාලයක් තුළ සෑම මාසයකම 13 වැනිදා දේවමාතාවන් එම දරුවන්ට දර්ශනය වූ අතර දිනපතා පවුල් වශයෙන් ජපමාලය යදින්නයි දේවමාතාවන් එම දරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

ප්‍රංශයේ ලූර්දු නුවර මෙන්ම පෘතුගාලයේ පාතිමා නුවර සිදුවූ දේවාමතා දර්ශනයන් හා ඒ සමග වාර්තා වූ ප්‍රාතිහාර්යන් ද, ජපමාලය යැදීමට මෙන්ම මරිය බැතිය ලොව පුරාම තහවුරු වීමට ද හේතුවිය.

මැයි මාසය මරියතුමිය වෙනුවෙන් කැපකළ මාසය ලෙස මතුවීමට එම දේවමතා දර්ශනයන් ද හේතුවිය.

5.⁠ ⁠සුදතුම් පියතුමාගේ අනුමත ලැබීම

මේ සියළු කරුණු පදනම් කරගනිමින් දොලොස් වන පියුස් (Pope Pius XII) පාප්තුමා මැයි මාසය මරියතුමියට කැපකළ, දේව මාතාවන්ට භක්තිය දක්වන්න මාසය ලෙස සැලකීම අනුමත කරමින් Mediator Dei (Mediator of God -1947) නමින් ලියවිල්ලක් ඉදිරිපත් කළේය.

දෙවියන් ඉදිරියේ මැදිහකරුවෙකු ලෙස මරියතුමියගේ පිහිට පැතීම ඉන් අනුමත කළේය.

1951 අප්‍රියෙල් 30 වෙනි දින මැයි මාසය තුල දේවමාතාවන්ට භක්තිය පුදන මාසය ලෙස එතුමා නිල වශයෙන් නම් කරන ලදි (dedicating the month of May to the Virgin Mary).

ජනවන්දනාවේ හක්ති සම්ප්‍රදායක් ලෙස ඇරඹ් මැයි මාසය තුළ දේවමාතාවන් හෙවත් මරියතුමිය පිදීමේ, මැයි මාසය මරියතුමිය වෙනුවෙන් කැපකළ මාසය ලෙස සැලැකිමේ, කිතුනු අපේ කතෝලික සම්ප්‍රදාය ලොව පුරාම මුල් බැසගන්නේ ඒ ආකාරයෙනි.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *