diwya pujawata sahabai wiya yuththe keseda?

සත්ප්‍රසාදීය යාගය හෙවත් දිව්‍ය පූජාව ක්‍රිස්තියානි ජීවිතයේ කේන්ද්‍රස්තානය වේ. එම නිසා කිතුනු අප දිව්‍ය පූජාවට සහභාගී වීමේ දී සමකිලිමත් විය යුතු කරනු රාශියකි.

කිතුනු ජන වන්දනාව පිළිබඳ ව්‍යවස්ථාවට අනුව කිතුනු අප දිව්‍ය පූජාවට සහභාගී වීමේ දී සැලිකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පහත දැක්වේ.

  1. දිව්‍ය පූජාවට සිහි බුද්ධියෙන් සහභාගී විය යුතු ය.
  2. දිව්‍ය පූජාවේ දී කරන දෑ ගැන දැනුම් තේරුම් ඇතිව සහ සම්පූර්ණ අවබෝධයෙන් සිටිය යුතු ය.
  3. අභිරහස සිදු කරන අවස්ථාවේ දී ක්‍රිස්තුන් වහන්සේ තුළ අප ද පඬුරක් ලෙස මෙන් පූජා වී උන්වහන්සේගේ යාගයට හවුල් වී දෙවියන් වහන්සේට තුති පිදිය යුතු ය.
  4. වචනයේ බැති පිළිවෙත් හෙවත් දිව්‍ය පූජාවේ මුල සිට විශ්වාසකයන්ගේ යාච්ඤා දක්වා කොටසට සවන් දී එය අප ජීවිතාදර්ශය කරගත යුතු ය.
  5. දිව්‍ය පූජාවේ දෙවන කොටස වන යාගික පිළිවෙතට මුළුමනින්ම සහභාගී වීමේ නියත සලකුණ දිව්‍ය සත්ප්‍රසාදය ලැබීම ය. එමනිසා දිව්‍ය පූජාවට සහභාගිවන සැමදෙනා දිව්‍ය සත්ප්‍රසාදය ලැබීමට උත්සුක විය යුතු ය.

එලෙසම දිව්‍ය පූජාවට සහභාගී වීමේ දී පහත දැක්වෙන කරුණු පිළිබඳව ද අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

දිව්‍ය පූජාවට පෙර කළ හැකි දෑ

  • හැකි නම් දිව්‍ය පූජාව ආරම්භ කිරීමට විනාඩි කිහිපයකට පෙර පැමිණ කෙටි යාච්ඤාවක් උච්චාරණය කර දිව්‍ය පූජාවට සන්සුන් මනසින් සූදානම් වීම ඉතා උචිත ය.
  • දිව්‍ය පූජාවට පැමිණීමට පැයකට පමණ පෙර ආහාර පාන වලින් වැලකි සිට දිව්‍ය පූජාවට පැමිණීම පැරණ්නන්ගේ සිරිතක්ව පැවතුනි. මෙම සිරිත අපටද අනුගමනය කළ හැකි ය. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට දක්වන ගෞරවයක් ලෙස අපට මෙය කළ හැකි ය.
  • දිව්‍ය පූජාවට සභාභාගී වීමේ දී ශුද්ධ වූ අල්තාරය හොඳින් පෙනෙන ස්ථානයක දේවස්ථානය තුළ දිව්‍ය පූජාවට සහභාගී වීම ඉතා වැදගත් වේ (දේවස්ථානය තුළ ඉඩ තිබේ නම් පමණක්). දේවස්ථානයෙන් පිටත කොරිඩෝවේ, පල්ලිය වත්තේ හෝ සිට දිව්‍ය පූජාවට සහභාගී විය නොහැක.

දිව්‍ය පූජාව අවස්ථාවේ දී කළ හැකි දෑ

  • දිව්‍ය පූජාවට මුල සිට අග දක්වා සහභාගී වීම ඉතා වැදගත් වේ. නැති නම් එය අසම්පූර්ණ ලෙස දිව්‍ය පූජාවට සහභාගී වීමකි. එවිට දිව්‍ය පූජාවේ නිසි පල නොලැබේ. එම නිසා දිව්‍ය පූජාවට නිසි වේලාවට පැමිණීමත් අවසානය දක්වා දිව්‍ය පූජාවේ රැඳී සිටීමත් ඉතා වැදගත් වේ. දිව්‍ය පූජාවේ ආරම්භය ආරම්භ පෙරහරයි. නැතහොත් ඇතුළු වීමේ ගීයයි. අවසාන වන්නේ අවසාන ගීයෙනි.
  • දේව වාක්‍ය ප්‍රකාශනයන්ට සහ දේශනයට භක්තියෙන් ඉතා උවමනාවෙන් ඇහුම්කන් දීම.
  • දේව වාක්‍ය ප්‍රකාශනයන්ගෙන් සහ දේශනයෙන් අපගේ ජීවිතවලට ලැබෙන පණිවුඩය කෙරෙහි අවධානය යොමු කර ඒවා සිතෙහි ධාරණය කර ගැනීම.
  • සියලුම යාච්ඤාවලට භක්තියෙන් සහභාගී වීම, යාච්ඤාවලට පිළිතුරු දීම සහ යාච්ඤා සම්පූර්ණයෙන් උච්චාරණය කිරීම.
  • දිව්‍ය පූජාව අවස්ථාවේ දී ගැයෙන ගීතිකාවලට භක්තියෙන් සහභාගී වීම.
  • දිව්‍ය පූජාවේ එක් එක් අවස්ථාවේ දී නිවැරදි ඉරියව්වලින් යුතුව දිව්‍ය පූජාවට සහභාගී වීම. (දන ගැසීම, සිට ගැනීම, දෝත් මුදුන් දී වැඳීම, දෑත් දිගු කිරීම, සාමය පැතීම, හිස පාත් කිරීම… වැනි දෑ)
  • පඬුරු පෙරහැර අවස්ථාවේ දී එයට සහභාගී වීම් හෝ එසේ නොමැති නම් තමන්ට හැකි පමණින් පඬුරක් ඔප්පු කිරීම. (කානික්ක එකතු කරන අවස්ථාවේ දී)
  • අපගේ සහෝදරයන්ට විරුද්ධව කළ පාප වලට මනස්ථාපනය වී සමාව ලබා ගැනීම.
  • දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගත් පසු නිහඬව යාච්ඤා කිරීම.
  • අන් අය සමඟ කතා නොකර අන් අයට බාධා නොවන ආකාරයෙන් හැසිරීම.
  • දිව්‍ය පූජාව අවස්ථාවේ දී ජංගම දුරකථන භාවිතයෙන් වැළකීම.
  • දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගන්නා විට ‘ආමෙන්’ කියා පිළිතුරු දීම.
  • මොනයම් හෝ හේතුවක් නිසා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ මුඛයෙන් පිටතට නොගැනීම.

දිව්‍ය පූජාවෙන් පසු කළ හැකි දෑ

  • දිව්‍ය පූජාව අවසානයේ කෙටි පෞද්ගලික යාච්ඤාවක් ඔප්පු කර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට ස්තූති කර දේවස්ථානයෙන් පිටවී යාම.
  • ක්‍රිස්තුන් වහන්සේගේ ආදරයේ පණිවුඩය අපේ එදිනෙදා ජීවිත තුළ පීවත් කරවීම සහ එය අන් අය අතරේ බෙදා ගැනීම.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *