පුන ගැයුම:
පෙම් කරන්න එකිනෙකාට සුහද සොයුරු ප්‍රේමයෙන්
දිවි ගෙවන්න එකමුතු වී සමිඳුන් තුළ සාමයෙන්
ඔබට වඩා අනුන් උතුම් කොට නිරතුරු සලකන්න
උඩඟු නොවී අසල්වැසියනට බුහුමන් දක්වන්න
අලස නොවී සිතට දිරිය ගෙන කටයුතු සපුරන්න
සමිඳු කෙරේ බැතිය පෙරටු කොට සේවය සලසන්න
සැපතෙහිදී සිතෙන් උදම් නොව සතුටට පත්වන්න
විපතෙහිදී නොපසුබටව තව ඉවසිලිමත් වන්න
උදය හවා දෙවිඳු යැදුම නම් අතපසු නොකරන්න
අසරණයන් පිහිට පතන විට පිළිසරණය වන්න
සැපතෙහිදී සිතෙන් උදම් නොව සතුටට පත්වන්න
විපතෙහිදී නොපසුබටව තව ඉවසිලිමත් වන්න
උදය හවා දෙවිඳු යැදුම නම් අතපසු නොකරන්න
අසරණයන් පිහිට පතන විට පිළිසරණය වන්න
දුක් පීඩා කරන අය කෙරේ සාමය පතුරන්න
ඔබට පවා වරද කරන විට නපුරක් නොකරන්න
සතුටු සිනා රැළි නැඟෙනා විට ඔබද සිනාසෙන්න
දුකට වැටී අනුන් පෙළෙන විට සැබවින් දුක්වන්න
සියලු දෙනා සමඟ සමගියේ අමරස විඳ ගන්න
පහන් සිතින් යහගුණ ඇතියන් ඇසුරට පත් වන්න
හැම විටදී හොඳ හැසිරීමෙන් ආදර්ශය දෙන්න
දැහැමි බවින් ඔබ හැම නපුරම යටපත් කරලන්න