පුන ගැයුම :
සමිඳුනේ දෙනු මැනේ ඔබගෙ ආසිරි
සමිඳෙ අපට දෙන්නැ ඔබගෙ නොමඳ ආසිරී

දෙවිඳු නමින් එකතු වී ගීත ගයනෙමු
අප හැමදෙන ඔබ පුදසුන වටකර සිටිමු
මිතුරන් ලෙස එකට බැඳී ඔබේ සිතැ’ඟිසේ
මෙම යාගය පුදකරනට පිහිට වනු මැනේ

නිදහස ගැන ප්‍රේමය ගැන නිතර සිතනෙමු
නිරතුරු එය රැක ගන්නට වීරිය දරමු
එක පවුලක දරුවන් සේ සැම එකා වගේ
දිවි ගෙවනට අවැසි වරම් ඔබෙන් පතනෙමු

අන්තිම රෑ බොදුනෙදී ඔබෙ පැතුම ලෙසේ
අප හැම දෙන එක්වූයෙමු එක පවුලක් සේ
සිහි කරන්න සිදු කරන්න වරම් දුන මැනේ
අපේ පවිටු දිවියට ඉන් විපුල පල ලැබේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *