පුන ගැයුම :
මා සුවපත් කළ මැනේ
සමිඳු මෙ මගේ
අදහමි මම ඔබ කෙරේ
ජේසු සමිඳුනේ

අන්ධවු මිනිසා වෙතේ ඔබෙ අනුකම්පා
ඔහු වෙත ඔබ නැඹුරු වී සුවපත් කෙරුවා

දොළොස් වසර රෝගී වී සිටිය ළඳ එදා
සමිඳුන් වත අත තබා සුවය ලැබූවා

මීමැස්මොර තරුණයා සමිඳුන් හමුවේ
ඇදහිල්ලෙන් පිබිදිලා සුවය ලැබූවේ

අංශභාග රෝගියා ජේසු ඉදිරියේ
සියලුම පව් කමා වී සුවය ලැබූවේ

මගෙ සියලුම දොස් නසා පව්කම් දුරලා
හදවත පිරිසිඳු වෙලා සුවය ලැබේවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *