අල්ලෙලූයියා අල්ලෙලූයියා අල්ලෙලූයියා

අලුත්ම ගීයෙන් සමිඳුන් ගයමූ
අපි සැම සතුටින් එතුමන් වනමු
මනු සැම අදරින් මැව් දෙවිඳුන් හට
ගයනෙමු තුති ගීතා

පුන ගැයුම:
තුති වේවා සැරදේවා මංගල වේවා
ඔබ හට අද දින තුති මංගල ගී
ගයන්නෙ ඔබ දරුවෝ //

හෙළ බිම ලස්සන ඔප ගන්වාලා
හෙළ බිම අපහට මව් බිම කරලා
හෙළ බිම සිරිගන්වන දෙවි සමිඳුට
ගයනෙමු තුති ගීතා

කරදර කළහල මැද සොහොවුරු සේ
ආදර පෙම් කළ කිතු සමිඳුන් සේ
සමූහ ජීවය ගෙනදුන් සුරිඳුට
ගයනෙමු තුති ගීතා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *