පුන ගැයුම :
නීල අහසේ තරු බබළන්නේ
ගීත රාවෙන් ලොව පිබිදෙන්නේ
සාම කුමරුන් අප වෙත වඩිනා
ශ්‍රී සුබ නත්තල මේ
සගපුර දෙවිඳුට මහිමය වන්නයි
සුසිත් දනන් හට සාමය වන්නයි
ලෝ සත සැම හට සෙත සලසන්නයි
මේ නත්තල් දිනයේ
ආසිරි ගී නද ලොව පැතිරෙන්නේ
ගැළවීමේ හඬ රැව් පිළි දෙන්නේ
ලොවටම සාමය උදා කරන්නේ
මේ නත්තල් දිනයේ