පුන ගැයුම:
පසස පසස සමිදාණන් එතුමන් සාන්තුවරයේ
උසට පසස එතුමාණන් විකුමන් පිරි අහස් තලේ

විස්කම් එතුමාණන් පෑ සඳහා වනවව් එතුමා
එතුමන් මහ තෙද මහිමේ සලකා පසසව් එතුමා

හොරණෑ හඬ පිළිරැව් දී එතුමන් වනව් බබුළුවා
වහිණ වෙසෙස් එකතු වැලා හිමිපා වනව් බබුළුවා

කිකිණි රබන් හඬට නටා සමිඳුන් වනව් ගොස ගොසා
නළා හඬින් තත් මැදුමෙන් සමිඳුන් වනව් පුන පුනා

අත්තාලම් ගැටුම් ගොසින් හිමිපා සිටිව්ව පසසා
අත්තාලම් එකට ගසා සමිඳුන් වනව් රැව් දෙවා

හුස්මක් ඇති සියල්ලෝ මැ සමිඳුන් පසස ගොසත්වා
ආලේලූයියා ඔහොයියා රැව්දී සමිඳු වනත්වා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *