පුන ගැයුම:
අදහමි වචනෙ ඔබේ
ජීවිතේ දෙන වචනේ
දිවමන් දෙවියන්ගේ
පුතා ඔබයි සමිඳේ
පස් බිමේ වැටී වැළලී
මැරී නොයන තුරු පැළවී
බීජය පොළොවෙන් මතුවී
නොනගී නොනගී නොනගී
එන්නට නම් මා පස්සේ
තම තමන් වරා ගන්නේ
ඇරැගෙන තමන්ගෙ කුරුසේ
එනු එනු මා පසු පස්සේ
මකා ගන්නැ මා සඳහා
පණ ඔබෙ රැකැ ගනු පිණිසා
ඔබ මැ තකා ඒ රැකලා
නැති කැරැ ගන්නේ නිති දා