සමන් පිච්ච සුදු අරලිය රෝස ඩේලියා
හිමිදිරි උදයේ පිනි පොද අතරින්
නෙලා ගෙනාවා ජේසු නෙලා ගෙනාවා
ඔබ පුදන්න ජේසු, නෙලා ගෙනාවා

රෝස මලේ පැහැය ගෙනා ඔබෙ පහන් බවයි
සුදු අරලිය පෙති අරගත් මුදු මොළොක් බවයි
දෝතින් ගෙන මහද තුළට ළං කර ගනිමී
ඉන් පිබිදී දවස පුරා ඔබ ළඟ හිඳිමී

හිමිදිරියේ එන පිනි පොද ඔබයි සමිඳුනේ
ඉන් නැහැවෙන සිනිඳු පියලි මමයි සමිඳුනේ
දොරට වදින ළා හිරු රැස් ඔබයි සමිඳුනේ
එළිය ලබන නිල් බිම මමයි සමිඳුනේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *