පුන ගයුම:
සමිඳු වෙතට යා
දෙව්දු වෙතට යා
බැතිය පුරන් පඬුරු අරන්
දෙව් වඳිනට යා
සියල් ලොවම එළිය කෙරූ
නිමල දහම් සුව පැතුරූ
නැණ බලයෙන් සත සපිරූ
නිවන සෙවන සැමට පෙරූ
කඳුළු පිරුණු නෙතු වියැලු
වෙහෙසෙන පා සෙවන සැලු
මුව්න අමා බස් තෙපලු
ලොව්තුරු අගයෙන් පෙරලු
දෙව්දු මතය ලොව සපිරු
පවිටු වහල් දනන් සෙවු
කරුණා නෙත් ලොවට පෙවු
නිවන සෙවන සතට මැවු