පිනිබිඳු සැලෙනා හිරු රැස් දිලෙනා
නව දිනකට අප පා තබනා
රස ගී ගැයෙනා දෙවිඳු පැසසෙනා
නව සිතුවිලි ගොමු කර හදිනා //
පුන ගැයුම :
ඔබහට පැසසුම් වේවා – අපහට දුන් නව දිනටා
ඔබෙ නම ලෝ පැතිරේවා – අප මුවගින් නිසි ලෙසිනා
වැසි පොද වැටෙනා මද නල හමනා
අප සිත් සතුටින් ඉපිල වෙනා
ගී හඬ නගනා දෙවිඳු පැසසෙනා
නව සිතුවිලි ගොමු කර හදිනා //
ගස් වැල් සැලෙනා සුදු මල් වැලෙනා
මුළු පරිසරයම ඔප කරනා
පුදසුන සරසා සුවඳ මල් තබා
ගයමි ඔබට නව ගී මෙදිනා