දෙවිඳුන්ගේ හඬ අපට ඇසෙන්නේ
රළ මුහුදේ නැඟෙන හඬින්
එතුමන් තෙද බල අපට හැගෙන්නේ
දිලිසෙන ඒ ළහිරු රැසින්

පුන ගැයුම:
පිබිදෙන්නැ හනිකට සොයුරු සොයුරියනි
අප මැවූ දෙවිඳුන් හමුවන්න
නිදි ගැට හැරදා එනු මැන මිතුරනි
මනු දිවියේ රස විඳගන්න

දෙවිඳුන්ගේ පෙම අපට දැනෙන්නේ
සිඟිති ළමා සතුට තුළින්
එතුමන් මියුරස අප සනසන්නේ
ටිකිරි සිනා නඟන රුවින්

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *