පාපි මගේ හද ඔබේ පඬුර කරන්නම්
ආසිරි කුසලානයේ මාද පිදෙන්නම්
පිදී පිදී පිදේවා ////

පූපයයි මිදි රසයි සමග පිදෙන්නේ
ඔබේ කයයි ඔබේ ලෙයයි අපට ලැබෙන්නේ

ගොල්ගොතා යාගයේ ගැලුව රුධිරයේ
බලය මා දිවි මගේ සුවය ගෙනෙන්නේ

මගේ සිතයි ඔබෙ සිතයි මෙදින බැදෙන්නේ
පුදසුනේ පඬුර වී මමයි පිදෙන්නේ

පුදසුනේ ඔබ අතේ යාගය වන්නේ
සුරපුරේ දිවි සදා මෙතුල දිනන්නේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *