පුන ගැයුම :
ජේසුනි ඔබ වේ සුව දෙන්නා
ජේසුනි ඔබ වේ සනසන්නා
ජේසුනි ඔබ වේ ගලවන්නා
ජේසුනි ඔබ වේ දෙවි උතුමා

සමෙරියා ලිඳ ළඟ සිටි ලඳ දැකලා
බොන්නට ඉල්ලුවෙ ඔබ නොවෙදෝ
ජීවන ජලයෙන් ඈ පුරවාලා
යන්නට හැරියේ ඔබ නොවෙදෝ

බේබදු සොයුරා පාරේ වැතිරී
මා දෙස බැලුවේ පිහිට පතා
ඔහු හට සහනය දෙන්නට බැරිවුනෙ
ඔබ හඳුනන්නේ නැති නිසාදෝ

ජෙරිකෝ යන මග සිටි අඳ මිනිසා
මොරගා ඉල්ලුවෙ ඔබෙ කරුණා
නෙත් මත අත ලා ඔහු සුව කරලා
යන්නට හැරියේ ඔබ නොවෙදෝ

ජීවිතාලෝකය ලැබුමට කැමතිව
සොයුරා සිටියේ ඇත්ත සොයා
ඔහුගේ කටහඬ ඇසුනේ නෑ මට
ඔබ හඳුනන්නේ නැති නිසාදෝ

සිමියොන් නිවසෙහි පා ළඟ සිටි කත
අඬමින් ඉල්ලුවෙ පාප කමා
ප්‍රේමය වැඩියෙන් පෙන් වූ ඈ හට
ගැලවුම දුන්නේ ඔබ නොවෙදෝ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *