සාන්තුවරු මිය යාමට පෙර කියු අවසන් වචන
සාන්ත තෙරේසා තුමිය හෙවත් ජේසුගේ කුඩා මල
“මට තවදුරටත් වේදනා වලින් විඳවීමක් නොමැත. මක් නිසාදයත් සියලු වේදනා දැන් මට මිහිරි ලෙස හැගෙයි….මගේ දෙවියනේ, මම ඔබට ආදරය කරමි.”
සාන්ත ඔගස්ටින් මුනිතුමා
“ඔබගේ කැමැත්ත ඉටු වේවා. එන්න ජේසු සමිඳුනි!”
පාදුවාහි සාන්ත අන්තෝනි මුනිතුමා
“මම මගේ ස්වාමීන් වහන්සේ දකිනවා.”
සාන්ත පියෝ පියතුමා
“ජේසුනි. මරියනි”
කල්කටාවේ සාන්ත තෙරේසා මව්තුමිය
“ජේසුනි, මම ඔබට ආදරෙයි. ජේසුනි, මම ඔබට ආදරෙයි.”
සාන්ත ජෝන් පෝල් II මුනිතුමා
“මට පියාණන් වහන්සේගේ නිවසට යන්න දෙන්න.
සාන්ත තෝමස් මෝර් මුනිතුමා
“මා මිය යන්නේ රජුගේ හොඳම සේවකයා ලෙස, නමුත් දෙවියන්ගේ පළමුවැන්නා.
සාන්ත ජෝන් ඔෆ් ආර්ක් මුනිවරිය
“ජේසු, ජේසු, ජේසු!”
විටර්බෝහි සාන්ත රෝස් මුනිවරිය
“මම ප්‍රීතියෙන් මැරෙනවා, මක්නිසාද මම මගේ දෙවියන් වහන්සේට එක්සත් වීමට කැමැත්තෙමි. මරණයට බිය නොවන ලෙස ජීවත් වන්න. ලෝකයේ හොඳින් ජීවත් වන අයට මරණය බියජනක නොවේ, නමුත් මිහිරි හා වටිනා ය.”
සාන්ත ජෝන් බොස්කෝ මුනිතුමා
“සහෝදරයන් මෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. හැමෝටම යහපතක් කරන්න, කාටවත් නරකක් කරන්න එපා … මගේ සෙනගට කියන්න මම ඔවුන් සියල්ලන් වෙනුවෙන් පාරාදීසයේ බලා සිටින බව.
සාන්ත මරියා ගොරෙට්ටි මුනිවරිය
“මම Alessandro Serenelli [ඇගේ මිනීමරුවාට] සමාව දෙමි … මට ඔහුව මා සමඟ ස්වර්ගයේ සිටිමට අවශ්‍යයි