siyalu santhuwarayange dinaya

සාන්ත සභා මාතාව ජනවන්දනා වසර තුළ නොවැම්බර් මස පළමුවන දින සියළු සාන්තුවරයින්ගේ දිනය, මංගල්‍යය සමරන්නීය. 

“ඉන්පසු සියලු ජාතීන්නගන් ද ගෝත්‍රවලින් ද ජන සමූහයාගෙන් ද භාෂාවන්ගෙන් ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක්, සුදු සළු පැළඳ, තාල පත්‍ර අතින් ගෙන, සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි.” (එළිදරව්ව 7:9)

කතෝලික  සභාවට අයත් වන අප සියල්ලන් වෙත දෙවිඳාණෝ දානය කරන ලද සුවිශේෂී පිරිසක් ලෙස සුදුවරුන් හෙවත් සාන්තුවරුන් නම් කළ හැකිය.

සාන්තුවරුන් නල්‍ස අප හඳුන්වනු ලබන්නන් දුබල අප මෙන් මනුෂය ස්වභාවය ගෙන, මෙලොව ජීවත් වූ නකටි කාල පරාසය තුළ යක්ෂයා, ලෝකයා සහ මාංශයා සමග සටන් කොට දෙවිඳුන් සමග අචල වූ විශ්වාසයෙන් ද, බලාපොරොත්තුවෙන් සහ ප්‍රේමයෙන් ද දිවි ගෙවූ පුද්ගලයින් වේ. ඔවුහු සම්පූර්ණයෙන් ම දෙවිඳුන් කෙරේ යැපුණෝ ය. 

ඔවුන්ගේ ආදර්ශමත් දිවි පෙවෙතින් දෙවිඳුන්ට ප්‍රසන්න දුවෙකු සහ පුතෙකු ලෙස දිවි ගෙවූහ. ශුද්ධ සභා මාතාව සාන්තුවරුන් ලෙස ප්‍රකාශයට පත් කරන්නේ ස්වර්ගයෙන් පහළ වූ පුද්ගලයින් නොව අප මෙන් ඇට ලේ මස් නහර සහිතව මෙලොව තුළ දිවි ගෙවූ පුද්ගලයින් වේ. 

ශුද්ධවූ සභාව තුළ සාන්තුවරුන් ප්‍රධාන වශයෙන් ප්‍රභේද කීපයකට අයත් නව්. එනම්,

  • විශ්වාසය වෙනුවෙන් දිවි පරදුවට තැබූ අය හෙවත් ප්‍රාණ පරිත්‍යාගිවරුන් 
  • විශ්වාසය උදෙසා සාක්ෂි දැරූ අය 
  • සභා ලේඛකයන් 
  • තාපස තාපසිකාවන් 
  • ධර්ම දූතවරුන් 
  • ගිහි විශ්වාසිකයින් 
  • නූතන නයෞවනයන් වැනි අයයි.

සියළු සාන්තුවරයින්ගේ දිනය

සියලු සාන්තුවරයන්නේ මංගල්‍යයේ ආරම්භය 4 වන සියවස දක්වා දිවයයි. රෝමයේ තිබූ සියලු දෙවි දේවතාවුන් පිදීමේ මංගල්‍යය හා සැණනකළිය කිතු දහම ද දැන ගැනීමෙන් පසුව සියලු සියලු සාන්තුවරයන්නේ මංගල්‍යය ලෙස වෙනස් වූ බැව් මුඛ පරම්පරාගත සම්ප්‍රදායේ සඳහන් නව්. 

එය සඳහා රෝමයේ තිබූ සියලු දෙවි දේවතාවුන්ගේ දේවාලය නූතනනේ දී සියලු සාන්තුවරයන්නේ බැසිලිකාව ලෙස පරිවර්තනය වී ඇත. මෙම මංගල්‍යය රෝමානු කතෝලික සහ පෙරදිග කතෝලික සභාවන් ඉතා උත්සවශ්‍රීයන් සමරනු ලබයි. 

සියලු සාන්තුවරයන්නේ බැසිලිකාව
සියලු සාන්තුවරයන්නේ බැසිලිකාව

ශුද්ධ ලියවිලි පසුබිම

කතෝලිකයන් සහ සෙසු ක්‍රිස්තියානි සභා අතර පවතින ප්‍රධානතම වෙනස්කමක් ලෙස සාන්තුවරයින්ට ගෞරව කිරිම, ඔවුන්ගේ යැදුම් මධ්‍යස්ථය පැතීම අනාදිමත් යුගයක සිට සභාවට උරුම වී ඇති සම්ප්‍රදායකි.

මේ පිළිබඳ ශුද්ධ ලියවිලි ඉගැන්වීම් දෙස බැලීමේ දී ගීතාවලියේ 1, 15, 24, 32, 33, 112, 147,… යන තෙහෙලි ගීත කදිම නිදර්ශකයන් ලෙස නම් කළ හැකිය. 

මෙහි දී දෙවිඳුන්ට ප්‍රසන්න, දෙවිඳුන්ගේ අණපනත් ඉටුකරන, දෙවිඳුන්ගේ ශුද්ධ මැදුරෙහි හා උන්වහන්සේගේ කඳුකරයේ විසීමට ද, උන්වහන්සේගේ කුඩාරමේ සැරිසරන පුද්ගලයින් පිළිබඳ ගති ලක්ෂණ කියාපායි. මෙමගින් සාන්තුවරයන් තුළ පැවති ලක්ෂණ අපට හමුවේ. 

නව ගිවිසුම තුළ දේවත්වයේ උත්තරීතර බව පසෙකලා මනුෂ්‍ය ස්වභාවය ගත් දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් සහ අනුශාසනා මත පිහිටා බලන කල සාන්තුවර ස්වභාවයේ ගුණාංග සහ ගති ලක්ෂණයන් මනාව නිරූපිත නව්. 

ශුද්ධ වූ මතෙව්තුමන්ගේ සුභාරංචිනේ 5:1-12 සඳහන් වන භාගය අට තුළ එන්නාවු නිහතමානි, බැගෑ සිත, සාමය ඇති කිරිම වැනි ගුණාංග සහ ලක්ෂණයන් සාන්තුවර ලක්ෂණයන්හි පදනම වේ. 

ශු. සභා සම්ප්‍රදාය තුළ ශුද්ධවන්තයෝ 

සභා සම්ප්‍රදාය තුළ සාන්තුවරයින්ට ගරු කිරීම, ඔවුන්නේ යැදුම් හා මධ්‍යස්ථභාවය පැතීම අනාදිමත් යුගයක සිට සභාවට උරුම වී ඇති සම්ප්‍රදායකි. 

නූතන සමාජය තුළ සෙසු ක්‍රිස්තියානි සභාවන් හා සසදන කල කතෝලික අපට උරුම වී ඇති ප්‍රබල උරුමයක් සහ දේව තිළිණයක් ලෙස සාන්තුවරු නම් කළ හැක. මෙහි දී අප සැළකිල්ලට ගත යුතු කරුණු කීපයක් පවතී.

  • කතෝලිකයන් ලෙස අප සාන්තුවරුන්ට ගරු කරමු, ඔවුන්ට වන්දනා නොකරමු. මන්ද අප අදහන්නේ එකම සර්වබල්‍ධාරී දෙවි  මහෝත්තමයාණන් වහන්සේ පමණකි.
  • සාන්තුවරු වනාහි ස්වාමීන් වහන්සේ වෙතට යාමට අපට මග පෙන්වන්නන් පමණි. ඔවුන් මහා පෙළහර පාන්නේ සිය බලයෙන් නොවේ. ඒ ක්‍රියා තුළින් ලොවට ප්‍රකාශිත වන්නේ දේව මහිමයයි. තවද අප සාන්තුවරුන්ට අයදින්නේ අප නිසා යාච්ඤා කළ මැනව කියාය. ඔවුන් අප ස්වාමින් වහන්සේ කරා ගෙන යන මාර්ගයක් වැනිය. ඔවුන්ගේ ශුද්ධවත් දිවිය තුළින් ඔවුන් ඊයෙත්, අදත්, හෙටත් අප වෙනුවෙන් දෙවිඳුන් ඉදිරියේ යදින්නාහ.
  • සභාවක් ලෙස අපට සාන්තුවරයන්ගේ යැදුම් හා ඔවුන්ගේ මධ්‍යස්ත පිහිටා අවැසි වේ. මක්නිසාදයත් ශු. සභාව මෙලොවට පමණක් සීමා සීමාවූවක් නොවේ. සාන්තුවරයින්ගේ සමෝස ධර්මලාභය තුළ සටන් වදින සභාවත්, ජයලත් සභාවත් සහ ශුද්ධත්වය ලබමින් සිටින සභාවත් එකිනනකට සම්බන්ධය. සාන්තුවරයන්ගේ යැදුම් තුළින් බොහෝ විට මෙම ක්‍රියාවලිය සාක්ෂාත් වේ. 
  • සාන්තුවර භූමිකාව තුළ නිහතමානිත්වය, දැහැමිකම, චාම් බව තුළින් ඔවුන් සැම විටම තම මහිමය නොව දේව මහිමය කෙරෙහි සියලල්‍ පවරා දී විශ්වාසය, බලාපොරොත්තුව සහ ප්‍රේමය වර්ධනය කර ගෙන ජීවත් වන්නට අපට ආරාධනා කරයි.

ශුද්ධ වූ සභා මාතාව තුළ සිටින සාන්තුවර කාණ්ඩ 

  • ශුද්ධ වූ පේදුරු තුමා, ශුද්ධ වූ පාවුළු තුමා , ශුද්ධ වූ ජුවාම් තුමා වැනි වැනි ජේසුස් වහන්සේ විසින් තෝරාගත් ගෝලයන්.
Shuddha wu sabawe arambaya
අපෝස්තුළුවරු

වේද සාක්ෂිවරුන් හෙවත් ප්‍රාණපරිත්‍යාගීවරුන් 

  • ශුද්ධ වූ ස්තේපන් තුමා, ශුද්ධ වූ ලෝරන්ස් මුනිතුමා, ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමා, ශුද්ධ වූ ලුසියා මුනිවරිය, ශුද්ධ වූ ඇග්නස් මුනිවරිය, ශුද්ධ වූ සිසිලියා මුනිවරිය වැනි ක්‍රිස්තු වහන්සේ වෙනුවෙන් සාක්ෂි දැරූ පුද්ගලයන්. 
  • වර්තමානනේ ප්‍රාණපරිතයාගවරුන් ලෙස සැලකෙන ශුද්ධ වූ ඔස්කා රෙමෙයිරෝ අගරදගුරුතුමා වැනි අය ද මීට උදාහරණ වේ.

තාපස ශුද්ධවන්තයින් 

  • ශුද්ධ වූ මහා බැසිල් මුනිතුමා, වනවාසී ශුද්ධ වූ අන්නතෝනි මුනිතුමා, ශුද්ධ වූ බෙනඩික් මුනිතුමා වැනි ශුද්ධවතයන්. 

විශ්වාසය උදෙසා සාක්ෂි දැරූ පුද්ගලයන් 

  • ශුද්ධ වූ මාටින් ද ෆ්ලෝරන්ස් මුනිතුමා, පාදුවාවේ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා, ශුද්ධ වූ දෙමිනික් ගුස්මාන් මුනිතුමා, ශුද්ධ වූ  අසීසියේ ප්‍රැන්සිස් මුනිතුමා, ශුද්ධ වූ ජෝන් මේරි වියානි මුනිතුමා වැනි ශුද්ධවන්තයන්.

සභා පියවරුන් සහ ලේඛකයන් 

  • ශුද්ධ වූ අගුස්තීනු මුනිතුමා, ශුද්ධ වූ ජෝන් ක්‍රිසොස්තම් මුනිතුමා, ශුද්ධ වූ බොනවැන්චර් මුනිතුමා, කුරුසියේ ශුද්ධ වූ ජුවාම් මුනිතුමා, අවිලාහි ශුද්ධ වූ තෙරේසා මුනිවරිය වැනි ශුද්ධවන්තයන්.

ධර්මදූතික සේවාවේ නියුතු වූ ශුද්ධවන්තයින් 

  • ශුද්ධ වූ ප්‍රැන්සිස් සාවියර් මුනිතුමා, ශුද්ධ වූ ජුසේ වාස් මුනිතුමා වැනි ශුද්ධවන්තයන්.

ශුද්ධවූ කන්‍යාවන් 

  • ශුද්ධ වූ පර්පෙතුවා සහ පෙලිසිටාස්, ශුද්ධ වූ මරිය මේදනලනා වැනි මුනිවරියන් 

තාපසිකාවන් 

  • ශුද්ධ වූ ස්කොලොස්ටිකා සහ ශුද්ධ වූ ක්ලෙයාර් වැනි මුනිවරියන් 

අඹුසැමියන් 

  • ශුද්ධ වූ ආනා සහ ජුවකීනූ මුනිවරු, ශුද්ධ වූ ලුවිස් මාටින් සහ සෙලී ග්‍රෑන් මුනිවරු
ශුද්ධ වූ ලුවිස් මාටින් සහ සෙලී ග්‍රෑන් මුනිවරු
ශුද්ධ වූ ලුවිස් මාටින් සහ සෙලී ග්‍රෑන් මුනිවරු

කුඩා දරුවන්

  • පාතිමාවේ දර්ශන ලාභී ශුද්ධ වූ ෆ්‍රැන්සිස්කෝ සහ ජසින්තා මුනිවරු, වන්දනීය ඉමෙල්ඩා මුනිවරිය.

යෞවන ශුද්ධවන්තයින් 

  • ශුද්ධ වූ දොමිනික් සාවියෝ මුනිතුමා, ශුද්ධ වූ කාර්ලෝ අකුතිස් මුනිතුමා, ශුද්ධ වූ ජර්මන් කසීන් මුනිවරිය.
ශුද්ධ වූ කාර්ලෝ අකුතිස් මුනිතුමා
ශුද්ධ වූ කාර්ලෝ අකුතිස් මුනිතුමා

අවසානය 

නම් අනුව බලන කල ශුද්ධවන්ත භාවය ප්‍රසාද ස්නාපනය කැඳවීම තුළ දෙවින්දාණන් අප වෙත වගුරුවනු ලබන සුවිශේෂී තිළිණයකි. එම තිළිණය අප හට හිමි වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහසට අපිදු පංගුකාරයින් වුවහොත් පමණි. 

එම නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ දිවියේ ස්වාමියාණන් ලෙස පිළිගෙන නිහතමානි, චාම්, දැහැමි දිවියක් ගත කරන්නට මෙහි දී අපට ආරාධනාවක් කෙරේ. 

සාන්තුවරුන් තම දිවිය තුළ අරුම පුදුම දේ කළේ තම මහිමයෙන් හෝ තම හැකියාවෙන් නොව දෙවි සමිඳුන් කෙරෙහි තිබූ විශ්වාසය, බලාපොරොත්තුව සහ ප්‍රේමය යන ගුණාංග ඉස්මතු කරලමිනි. 

මෙලෙස දෙවි සමිඳුන්ට ප්‍රසන්න ක්‍රිස්තු වීරවරුන් වෙමින් අචල විශ්වාසයෙන් දිවි ගෙවමින් දේව රාජ්‍යය උදෙසා ඇපකැප වී ක්‍රියා කළ යුතු බව සියලු සාන්තුවරයන්ගේ මංගල්‍යයෙන් අපට පසක් කර දෙයි. 

උපුටා ගැනීම 
අසේල දසනායක

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *