ජුසේ වාස් මුනිදුන්ගේ පාදස්පර්ශය ලත් සුවිශේෂි ප්‍රදේශයක් ලෙස මහගල්ගමුව නම් කළ හැකිය වර්තමාන කුරුණැගල රදගුරු වසමට අයත් ප්‍රධාන සිද්ධස්ථානයක් ලෙස ද සැලකේ. මෙය කුරුණැගල රදගුරු වසමේ උතුරු මායිමේ අවසාන මීසම යි. මහගල්ගමුව කුරුසිය පිහිටා ඇත්තේ නගරය තුළ නොවේ. එය එම මීසමට අයත් කුඩා දෙව්මැදුරු අසලය.
ජුසේ වාස් මුනිතුමන් සම්බන්ධ වෙනත් ලිපි
- සාන්ත ජුසේ වාස් මුනිතුමා
- ලංකා අපෝස්තුළුවරයාණෝ – ශු. ජුසේ වාස් මුනිතුමා
- ශුද්ධවූ ජුසේ වාස් තුමා (1651 – 1711)
ගල්ගමුව නගරයේ දුම්රිය මාර්ගය හරහා ගොස් දකුණු අතට හැරි මයිල තුනක් පමණ නැගෙනහිරින් වන ප්‍රදේශයකට ඇතුළු වී ගමන් කළ විට මෙම දෙව්මැදුර හමුවන්නේය. දෙව්මැදුර පිහිටා ඇති ගම්මානය මහගල්ගමුව නමින් හැදින්වේ. මෙහි පැරණි වැව් කිහිපයක් සහ වාරිමාර්ග රැසක් ද ඇත.
ගම්වැසි සියලූම දෙනා පහේ කතෝලිකයෝ ය. මෙයින් වැඩියක්ම වාසය කළේ ශු. අන්තෝනි මුනිදුන්ගේ නමින් කැප කැර ඇති ප්‍රධාන දෙව්මැදුර වටාය. එම දෙව්මැදුර පිහිටා ඇත්තේ මහගල්ගමුව ග්‍රාමය මැදය. මෙය හමු විමට පෙර මාර්ගයේ දකුණු පසින් හමුවන්නේ ජුසේ වාස් මුනි කුඩා දෙව්මැදුර සහ එහි පිහිටා ඇත්තේ ගල්ගමුවේ කුරුසිය යි.
මෙම වන්දනා ස්ථානයේ ඉතිහාසය දස සත් වැනි සත වසර දක්වා හෙවත් ජුසේ වාස් පියතුමන් වෙත ඇදී යන්නේ ය. මෙහි ගම් වැසියෝ දමිළ බස භාවිතා කරති. මොවුන් මුක්කර්වරුන් යැයි හැදින්වෙන අතර ඔවුන්ගේ නෑදෑ පිරිස පුත්තලම, නාවට්කඩු, නාරක්කල්ලිය ආදි කල්පිටිය දිස්ත්‍රික්කය තුළ ගම්මානයන්හි වාසය කරති.
පැරණි පුස්කොළ සන්නසක් අනුව මොවුන් ගේ ආදිවරයකු වනලියන නයින්දේ තනතුරු දැරු කුමාරසිංහ වන්නි උන්නෑහේ නයින්දේ මරක්කල පුල්ලේ, ක්‍රි.ව. 1579 දී ගල්ගමුවේ ඉඩම් ලබාගෙන ඇත.
ක්‍රි.ව 1811 දරණ තවත් ලේඛණය අනුව මොහුගෙන් පැවත එන අය සැටියට අන්තෝනිපුල්ලේ, පුරාංචිපුල්ලේ සහ අදිරපුල්ලේ යන අයගේ නාම සදහන් වන්නේ ය. මහගල්ගමුවේ විසු මේ ජනතාව බැලිම සහා ජුසේ වාස් පියතුමා හෙවත් සම්මනිසි පියතුමා නිතර පැමිණි බව සදහන් වන්නේය.
එතුමන් පැමිණි එක් අවස්ථාවෙක ජනතාව පත් වි සිටි බරපතල පීඩනයක් ගැන මෙහි පිරිස එතුමන් දැනුවත් කැර ඇත. මෙය වනගත පළාතක් වු හෙයින් අලි ඇතුන් රංචු පිටින් පැමිණ තමන් ගේ වගා විනාශ කර දමන බව ජුසේ වාස් පියතුමනට දන්වන ලදි. තමන්ගේ ජිවිතයටද බොහෝ විට මෙය තර්ජනයක් වු බව ගම් වැසියෝ එතුමනට සැල කළේය.
මෙයට සවන් දුන් ජුසේ වාස් පියතුමා කළුවර ලී කොට දෙකක් ගෙන එයින් කුරුසියක් බැද, එය ආසිරි ගන්වා ග්‍රාමයට ඇතුළු වන මාර්ගය අද්දර පිහිටුවේය. එදා සිට අලි උවදුර දුරු වි ගිය බව ගම්වාසිහු පවසති.

තවද මෙම ස්ථානයේ දී ජුසේ වාස් පියතුමා විසින් සුවිශේෂී ආශ්‍රිර්වාදයක් දානය කරනු ලැබීය. ඒ ලක්දිව පැමිණෙන ධර්මදූතවරුන් හට වල් අලින්ගේ ද වන මෘගයන්ගේ ද කිසිදු උවදුරක් ඇති නොවන ලෙස දෙවිදු යදිමින් ප්‍රබල ආශ්‍රිර්වාදයක් දමනු ලැබීය.
එදා සිට අද දක්වා ම සර්පයන්ගේද, වල් අලින්ගේද වන මෘගයන්ගේද උවදුරු වලට ලක්වු කිසිදු පූජක හා පැවිදිතුමෙකු පිළිබද කිසිදු තොරතුරක් අප හමුවේ නොවේ. ජුසේ වාස් පියතුමා විසින් ආසිරි ගන්වා පිහිටුවන ලද කුරුසිය දගර ගැසුණු ගැට සහිත ගසක් පාමුල පිහිටා ඇත.
එය අද දක්වා පිහිටා ඇත්තේ ජුසේ වාස් පියතුමන් තැබු ස්ථානයේ මයි. මෙම කුරුසිය අභියසින් ගමන් ගන්නා ගම්වැසි සියල්ලෝම සැම විට එයට නමස්කාර කරති. කෘතගුණයෙන් දෙවිඳුන් යදිති. මෙහි අලි ඇතුන් ගෙන් මෙන්ම විෂ ඝෝර සර්පයන් ගෙන් ද ජනතාවට ආරකෂාව අවශ්‍ය වන අවස්ථා ඇත.

මෙවැනි අවස්ථාවන්හිදි ඔවුන් දෂ්ට කරන ලද පුද්ගලයින් දෙව්මැඳුර වෙත ගෙනැවිත් පිහිට පතා දෙවිදුන් යදිති. එසේම දෙව්මැඳුරු භූමියෙන් පස් ගෙන එය ඖෂධයක් ලෙස භාවිතා කරති. මෙයින් සුවය ලැඛෙන බව ගම්වාසින්ගේ ඒකාන්ත විශ්වාසයයි.
ක්‍රි.ව. 1706 වන විටත් ගල්ගමුවේ කතෝලික දෙව්මැදුර පිහිටි බව ස්ථීරවම කිව හැක. මෙහි ජිවත් වු දේව ජනතාව ගේ අධ්‍යාත්මික සේවාවන් සදහා ජුසේ වාස් පියතුමා මෙන්ම උන්වහන්සේ ගෙන් ඉක්බිති ගෝවේ ඔරතෝරියාන නිකායේ ගරු පියතුමන්ලාද පැමිණි බව වාර්තා වි ඇත.
ගල්ගමුව නගරය තුළ ඇති ප්‍රධාන දෙව්මැදුර කැප කර ඇත්තේ ශු. ඛෙනඩික්ට් මුනිදුන් නමින්ය. මහගල්ගමුවේ දෙව්මැදුර කැප කර ඇත්තේ ශුද්ධ වු අන්තෝනි මුනිදුන් නමින්ය. මේ දෙව්මැදුරු දෙක අතර පිහිටි වන්දනා භුමිය ජුසේවාස් පියතුමන්ගේ ගෞරවය සදහා ය. කුරුසිය පිහිටා ඇත්තේ එතැනය.





3 Comments