501. සමිඳුන් මැව්ව දිනය අදයි

|

සමිඳුන් මැව්ව දිනය අදයි
අපි ප්‍රීතී වෙමු තුති ගීතිකා ගයමින්…//

සතුටද කඳුලද අපට ලැබෙන්නේ
සමිඳුන් ගෙන්මයි
මේ සැම දෙයක්ම අපට කියන්නේ
සමිඳුන් අප සමඟයි

අඳුර ද එලිය ද අපට ලැබෙන්නේ
සමිඳුන් ගෙන්මයි
සැපතද විපතද අපට ලැබෙන්නේ‍
සමිඳුන් ගෙන්මයි‍

ජය ද පැරදුම ද අපට ලැබෙන්නේ
සමිඳුන් ගෙන්මයි
මේ සැම තුලින්ම අපට පෙනෙන්නේ
සමිඳුන් ආදරයයි

සුව සහනය නිති අපට ලැබෙන්නේ
සමිඳුන් ගෙන්මයි
තිර ඇදහිල්ලට සවිය ලැබෙන්නේ
සමිඳුන් ගෙන්මයි

මේ හා සම්බන්ධ වෙනත් ලිපි