පුන ගැයුම:
හෙම්බල ජෙරුසලමේ
ගය ගයා පසස හිමිපා
හෙම්බල සියොනේ සමිඳුන් ඔබගේ
පසසව උදන් අනා
වාසල් දොරටු ඔබේ එතුමෝ තර කෙරුවෝ
දරු කැල ඔබෙ හෙවණේ සෙත් ආසිරි ලැබුවෝ
සීමා ඇතුළෙ ඔබේ සාමය ඇති කෙරුවෝ
සරුවට තිරිඟු වවා ඔබ පුරවා ලූවෝ
හැම තැන දෙරණ පිටේ අණ පණිවුඩ යවනෝ
වචනේ එතුමන්ගේ දිවැයයි ලහි ලහියේ
බැටළු ලෝම වාගේ හිමිපා වස්වන්නෝ
අළු වැස්සක් වාගේ පිණි කැට විසුරන්නෝ