බැතිබර හැඟුමින් – පිවිතුරු සිතකිත්
සමිඳු පුදන්නට – පසස ගයන්නට
යමු අපි එකමුතු වී – සතුටින් යමු අපි එකමුතු වී

වාද භේද සැම දුරලාලා
එක පවුලක් ලෙස එක්වීලා
දෙපිය සමිඳුගෙ ගුණ කඳ සමරමු
සමිඳුන් අභියස වැඳ වැටිලා

සමිඳුගේ ප්‍රේමය ලොවට බෙදන්නට
දෙව් ජනතා වෙත ඇප කැප වන්නට
සමිඳුගෙ දහමින් පිරිපුන් වන්නට
වරම් පතමු අපි වැඳ වැටිලා

පීඩිත අසරණ දුගී දනන් වෙත
සමිඳුන් කී ලෙස සෙත සලසන්නට
දිරිය සව්‍ය සමිඳුන්ගෙන් අයදිමු
සැදැහැ සිතින් අපි වැඳ වැටිලා

සාමය සමගිය දැයට ලැබෙන්නට
සැම සතහට සතුටින් දිවි ගෙවනට
යදිමු යදිමු අපි එක් වී නිති දින
සමිඳුන් පාමුල වැඳ වැටිලා

ගරු දොන් සිසිල් කුමාර පියනම

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *