දෙව්දුන් ගුණ – කරුණා
පසසමු නිති – පෙම්නා
මේහිවැසි සැවොම – දනා
එක්වමු සිත – ඔදිනා

අප දෙව්පිය හට සහ එක – පුතුහට
ගුණ ගයම්න් අපි නිති – වනමු
සිරිඳු සුදත හිම් පෙමින් – වසාලමු
ගැයුම් වැයුම් සමගම – පුදමු

ලතවුනු මුදු – පව්නී
ගැලවුම අපට – දුනී
කරුණාබර – පියෙනී
නමදිමු ඔබ – තුටිනී

දුරු කර සැම – නපුරේ
කැලලන් අප – සමිඳේ
දිව්දුන් බව – සමිඳේ
සිහිකරනෙමු – නිතිනේ

හදකින් හදට – වෙලී
සොහොයුරු පෙම්න් – ඇලී
පුදසුන වෙතට – ඇදී
ගයනෙමු ඔබට – තුතී

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *