පුන ගැයුම:
වටහා ගන්නට වැඩි වැඩියෙන්
ඔබගේ දිවමන් වචනේ
දෙනු මැන අප හට එළිය ඔබේ
කිතු හිමිපාණනේ
ඔබේ වචන තුළ හදද ගැහෙන්නේ
නැහැ අප තේරුම් ගන්නේ
සුදතුන් වරමින් අප පුරවනු මැන
එවිට’ප සිත් පැහැදෙන්නේ
ඇසෙන නමුත් බිහිරිය අප දෙසවන්
පෙනුනත් අඳුරුය දෙනුවන්
අප බිය සංකා දුරුකර සැණෙකින්
සැරසෙමු ඇදහිලි සිතෙකින්