පිපස නිවා ගන්න අපට ඔබේ ලෙය ලැබේ
හදට අහර ලෙස අගනා සිරුර’පට ලැබේ
සවස දිවා රැයේ තිබෙන පූපෙ සුදු ඔබේ
එළිය ලොවට බෙදන ලෙසට යදියි අද සබේ

පුන ගැයුම :
සුරිඳු දෙවිඳුනී තිලෝ රජිඳුනී
පෙමක මහිමෙනී අපට ඔබ දුනී

නිවන ගන්න ලෙස ඔබ පැමුණුනු විට හදට
දවන හදේ පෙම් ගිනි නොහැකිය නිවන්නට
කවන අහර දුබල දනට නිතර ලබනට
පවන දිගේ එවනු සවිය නපුරෙ සටනට

නිවාස ඔබේ රුවට පෙනේ මිනිස’ප අතරේ
දවස අපේ ඔබ ලැබුනින් ආසිරින් පිරේ
පහස දැනේ සතුට ලැබේ ඔබතුම ඇසුරේ
විගස අනේ සරණෙ ඔබේ දෙන්න අප කෙරේ

ඔබට එක්ව සදා සැපත ලබා ගනිමිනා
සතුට මුසුව හද තුළ ඔබ ලබා නිති දිනා
සැමට ඔබේ දෙව් විමනේ සැපත පතමිනා
එන්ට පිහිට සුහද සමිඳ දෙන්න සැම දිනා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *