කිතු සාමයේ මිහිරෙන් හදවත් පුරවා
ඒ තුළ එකමුතු වී අත්වැල් බඳිවා
පසසන්නට සමිඳුන් ගුණ සක් බෙර හඬවා
කුරුළු ගීතයේ තනු රස ගන්වා

අපි ගයමු ගයමු අපි වයමු වයමු සමිඳුන් පසසාලා
අපි ගයමු ගයමු අපි වයමු වයමු සක් බෙර හඬවාලා

හිරු කිරණේ එළිය වගේ පහන් හදේ දල්වා
හද පුදසුන වෙත එන්නට දොරගුළු හැම ඇරලා
පිළිගන්නට ඔබ පා මත අපගේ හිස තබලා
සමිඳුනි අප වෙත වඩින්න අපගේ සිත් සනහා

අපි ගයමු ගයමු අපි වයමු වයමු සමිඳුන් පසසාලා
අපි ගයමු ගයමු අපි වයමු වයමු සක් බෙර හඬවාලා

හද පතළෙන් ගැරුව මැණික් රන් කිරුළේ ඔබවා
සමිඳුන් හිස පළඳන්නට පැහැදී යමුව මෙදා
දල්වන්නට ඔබ පා මුල අප හද පහන තබා
සමිඳුනි අප වෙත වඩින්න අපගේ සිත් සනහා

කිතු බැතියෙන් පිරුණු හදින් නිමල පැතුම් පුරවා
කිතු දේහෙට එක්වන්නට දෝත ම දිගු කරලා
ගල්වන්නට ඔබ පා යුග සෙනෙහේ තෙලින් මෙදා
සමිඳුන් අප වෙත රැඳෙන්න එක් වී යදිමු සදා

පද රචනය: සුෂිල් විටා හී තනුවා ලමාල් පිරිස්

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *