අපෙ ගත සිත සමිඳුට කැප කරමු
අපෙ පඬුරුද තිලිණද පුද කරමු

මහත් දුකින් පෙළෙමියි, කී සඳ පවා
සමිඳුන් වෙත විශ්වාසය තැබුවෙමි

සමිඳාණන් මා වෙත දැක්වූ කරුණා ගුණ නිසා
මා එතුමන්ට කෙසේ තුති දෙම්ද

ගැලවීමේ කුසලාන ඔසවමින්
සමිඳුන්ගේ නාමයට හඬ ගසමි

මම ඔබට තුති පඬුරු පුදමි
ඔබගේ නාමයට නිති හඬ ගසමි

පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට
දැනුත් සදහටත් තුති ප්‍රශංසා වේවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *