පුන ගැයුම:
සමිඳුනි ඔබ මට වාසනා නිතරම ගෙන එනවා
ඔබගේ සෙනෙහේ මා වෙනුවෙන් සැමදා ඉතිරී යනවා
ඔබ මගෙ අත අල්ලාගෙන ආදර තාත්ත ලෙස මාගේ
උතුරා යන සෙනෙහසකින් මා නිතරම සුරකින්නේ
සතුරන් මට වින කරන්නට තැනුවත් නැහැ මම බය වන්නේ
ඔබ මා නපුරෙන් සුරකිනවා නොසැලෙන පවුරක් සේ
ජාල මැද ගිනි මැද යන්නට වූවත් නැහැ මම බය වන්නේ
කොහෙ සිටියත් මගෙ නම කියලා ඔබ මා අමතන්නේ
ඉර හඳ නිවුනත් අඳුරු වුවත් ලොව කුමටද පැකිලෙන්නේ
ඔබමය අඳුරට ආලෝකේ පහන් ටැබක් වාගේ