පුන ගැයුම:
අමතක නොවේ කිසිදා
ඔබව මට අමතක නොවේ
සියල් ජනයිනි ඔබේ හැඩ රුව
මා අතේ ඇඳිලා ඇතේ
මවක හට තම සිඟිති දරුවා
මතක නැති වේදෝ
ඇයට අමතක වුවද, මා හට
ඔබව අමතක වනු කෙසේදෝ
ලියක කුස තුළ වැඩෙනා බිළිඳා
මතක නැති වේදෝ
ඇයට අමතක වුවද මා හට
ඔබව අමතක වනු කෙසේදෝ
පියකු හට සුරු බුහුටි සිය පුතු
මතක නැති වේදෝ
ඔහුට අමතක වුවද, මා හට
ඔබව අමතක වනු කෙසේදෝ