පුන ගැයුම:
වෙති වෙති හිමිපාණෝ රජිදෝ
තැති ගෙනැ වෙව්ලති ජනතාවෝ
කෙරූබ බලතා තටු පිටැ එතුමෝ
අසුන් අරා සිටිනෝ
පොළොවද කම්පාවේ

සියොනේ කඳු මතැ සමිදරුවාණෝ
තෙද බල මහිමෙන් වැජබෙන්නෝ
සියලුමැ ජන රැස් මත්තේ එතුමෝ
වෙති වෙති එක අදි පතියාණෝ

උන’තින් එතුමන් නම පැසසේවා
ඒ නම බියකරුවේ උතුමේ
හේළි හේළි වෙති ඒ උතුමාණෝ
මහ බල සම්පන්නේ එතුමෝ

සමිදාණෝ අප දෙව් ඉසුරාණෝ
අයැදුම් අපගේ සපල කළෝ
දෙවියෝ ඔබ උන් කමා කරන්නෝ
වරදට උන් දඩුවම් කරණෝ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *