ස්වාමිනි කරුණා කළ මැනව,
ක්‍රිස්තුනි කරුණා කළමැනව,
ස්වාමිනි කරුණා කළමැනව,
ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව,
ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව,
පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි,
ලෝකය නිදහස්කළා වූ පුත්‍රවන දෙවියනි,
ස්ප්‍රිතු සාන්තුවන දෙවියනි,
ශුද්ධ ත්‍රීත්වය වූ ඒක දෙවියනි,
සුරලොවින් පහළ වූ ජීවන පූපයෙනි,
පූපාධික අදෘශ්‍යමාන වූ දිව්‍ය ගැළවුම්කාරයාණෙනි,
තෝරාගනු ලැබූවන්ගේ පූපයෙනි,
කන්‍යාවන් ජනිත කරන්නාවූ මිදිරසයෙනි,
ශක්තිදායක රාජකීය පූපය හා මිහිරි සුවඳෙනි,
නිත්‍ය යාගයෙනි,
පිරිසිඳු පඬුරෙනි,
නිර්මල අජබාලකයාණෙනි,
අති පවිත්‍ර භෝජන මංගල්‍යයෙනි,
සුරතාවයින්ගේ භෝජනයෙනි,
මුවාවූ මන්නා නමැති භෝජනයෙනි,
දේව ප්‍රාතිහාර්යය සඳහන් වූ පොතෙනි,
ස්වභාවයට ඉහල් පදාර්ථ වූ පූපයෙනි,
අප සමඟ වසන මාංශගත වූ වාක්‍යයෙනි,
අති ශුද්ධ වූ බිළිපඬුරෙනි,
ආශීර්වාද දායක පාත්‍රයෙනි විශ්වාසයේ අභිරහසයෙනි,
අති අනර්ඝාචාර යුක්ත වූ ප්‍රසාද නිධානයෙනි,
සියලු පූජා වලට වඩා අති ශුද්ධ වූ පූජාවෙනි,
ජීවතුන්ටත් මළවුන්ටත් ක්ෂමා දායක වූ යාගයෙනි,
පව් වලින් අප වළක්වන දිව්‍ය ප්‍රතිකාරයෙනි,
සියලු ප්‍රාතිහාර්යය වලට වඩා විස්මපත් වූ ප්‍රාතිහාර්යයෙනි,
සකල සම්පූර්ණකම් පරදවන දීමනාවෙනි,
ස්වාමිඳරුවන්ගේ අති ශුද්ධ වූ දුඃඛ ප්‍රාප්තිය සිහිවීමෙනි,
දිව්‍ය ත්‍යාගිවන්තකමේ පූර්ණ ප්‍රසාදයෙනි දේව ප්‍රේමය සිහිවීමට ප්‍රධාන හේතුවෙනි,
සුපිරිශුද්ධවූ අති උත්කෘෂ්ඨ අභිරහසෙනි,
නිර්මල භාවය රක්‍ෂාකරන්නාවූ ඖෂධයෙනි,
භයංකාර වූ ද ජීවිතදායක වූ ද ප්‍රසාද නිධානයෙනි,
අනන්ත දේවවාක් අනුහසින් මාංශවූ පූපයෙනි,
දෘශ්‍යමාන ලේ වැගිරිමක් නැත්තා වූ යාගයෙනි,
බොජුනක් හා භුක්තිවිඳින්නෙක් වූ ඒක අර්ථයෙනි,
සුරතාවයන් විසින් උපස්ථාන කරනු ලබන අති මධුර වූ භෝජන පංක්තියෙනි,
දේව භක්තියේ ප්‍රසාද නිධානයෙනි,
දේව ප්‍රේමයේ බන්ධනයෙනි,
පඩුර හා පූජකයාණෙනි,
සුව උල්පතෙහි අනුභවකරනු ලබන ඥාන අමෘතයෙනි,
ශුද්ධ වන්තයෙන්ගේ ආහාරයෙනි,
ස්වාමින් කෙරෙහි නසින්නන්ගේ මාර්ගෝපකරණයෙනි,
මතු ලබන මහිමතාවයේ උකසෙනි,
ප්‍රසන්නව – අපට ක්‍ෂමා කළ මැනව ස්වාමි,
ප්‍රසන්නව – අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි,
ඔබගේ ශ්‍රී රුධිරය හා ශරීරය අහේතු ආකාරයෙන් අනුභව නොකරන ලෙස අප රක්ෂා කළ මැනව ස්වාමි,
ඇල්මැරුණු ගතියෙන් සත්ප්‍රසාද නො ලබන ලෙස,
මාංශයේ තෘෂ්ණාවෙන්,
නේත්‍ර වල තෘෂ්ණාවෙන්,
උඩඟු ජීවිතයෙන්,
පාපවලට මාර්ග වූ සියල්ලෙන්,
ඔබගේ ගෝලයන් සමග මේ පාස්කු මංගල්‍ය භෝජනය අනුභව කිරීමට ඔබට තිබුණා වූ ආශාව බලා,
ගෝලයන්ගේ පාද දෝවනය කළ ඔබගේ බැහැපත්කම බලා,
සුපිරි ශුද්ධ වූ ප්‍රසාද නිධානය ස්ථාපනය කළ ඔබගේ අති මහත් වූ ප්‍රේමය බලා,
පූජාසනයෙහි අපට තැබූ ඔබගේ අමිල වූ රුධිරය බලා,
අප උදෙසා මේ ඔබගේ ශ්‍රී ශරීරය ලද්දා වූ පස් වණවල් බලා,
ඉසටියෙන් අනින ලද ඔබගේ අති ශූද්ධ වූ හෘදය බලා,
පාපිවූ අප ඔබට කරන යාච්ඤා අසා වදාළ මැනව,
මේ ආශ්චර්යමත් ප්‍රසාද නිධානය වෙත අපේ විශ්වාසය සහ ගෞරවාචාර භක්තිය වර්ධනය කර රක්ෂාකරන පිණිස,
සැබෑ පාපෝච්චාරණය කර විටින් විට දිව්‍ය සත්ප්‍රසාදය ලබාගැනීමට අප උනන්දුකරන පිණිස,
සියලු වාදභේද වලින් ද ප්‍රයෝග වලින් ද, හෘදය අන්ධ කමින් ද අප ගලවන පිණිස,
මේ අති ශුද්ධවූ ප්‍රසාද නිධානයේ පරම දිව්‍ය ඵල අපට දෙවා වදරණ පිණිස,
මරණාසන්නයෙහි මේ දිව්‍ය මාර්ගෝපකරණයෙන් අප ශක්තිමත් කොට රක්ෂා කරන්නට කරුණා කරන පිණිස,
දෙවියන්ගේ පුත්‍රයෙනි.
ලෝක පාපවල් හරින දේවාජබාලකවූ ජේසුනි,
අපට දයා කළ මැනව ස්වාමි.
ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි,
අපේ ප්‍රාර්ථනා ගිවිස වදාල මැනව ස්වාමි,
ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි,
අපට දයාකළ මැනව ස්වාමි.
ප්‍ර: ඔබවහන්සේ ස්වර්ග බොජුන් ඔවුන්ට දුන් සේක
උ: එහි සකල මධුර භාවය ඇත්තේම ය.
යාච්ඤා කරම්හ
ස්වාමිදරුවනි, මේ ආශ්චර්යමත් සත්ප්‍රසාදයෙහි ඔබගේ දුප්‍රාප්ති විභාගය අපට තැබුවාවේද එබැවින් මෙවැනි මාංශ ලේවල ශුද්ධ වූ විභාග අප විසින් සුදුසු හැටියේ වන්දනාකර එයින් ඔබ අපට දුන් නිදහස්වීමේ ඵල නිරතුරු ලබන පිණිස කරුණාකර වදාළ මැනව. පිතා හා ස්ප්‍රීතු සාන්තු සමග සදාකල් වැඩ සිට වර්ධනය කරන ඔබගෙන්ම අපගේ ප්‍රාර්ථනාව ලැබේවා – ආමෙන්.