පසසන්න දෙවි සමිඳුන් මේ ලස්සන දවසේ
හිරු නැගෙනු බලා වැසි පින්නෙ තෙමී
පසසන්න සමිඳුන් මේ ලස්සන දවසේ //

දෙවිඳේ ඔබගේ ගුණ කරුණා
පවසමි සැම දින හද පුබුදා
නිම වෙන්නට පෙර මව් කුසයේ දී
මා ළඟ ඔබ කරුණා ගයමි සදා
මා හද හඳුනන දෙවි සමිඳේ
ඔබ මා සුරකින බව අදහමි තරයේ

පසසන්න දෙවි සමිඳුන් මේ ලස්සන දවසේ
තුරු වැල් නැළවී මල් විකසිත වී
පසසන්න සමිඳුන් මේ ලස්සන දවසේ //

පසසන්න දෙවි සමිඳුන් මේ ලස්සන දවසේ
අප සිත් පිබිදී මද පවනේ වෙලී
පසසන්න සමිඳුන් මේ ලස්සන දවසේ //

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *