නැත මට තනියක නැත මට හිඟයක්
සමිඳුන් මා ළඟ සිටින තුරා
නැත මට සතුරන් ඇත මට මිතුරන්
සමිඳුන් මා ළඟ සිටින තුරා

ගමන් කරන්නට මඟක් නැතිව මට
දහස් වාරයක් ලතවී සිටි මම //
යායුතු ඒ මග ක්‍රිස්තුනි ඔබ බව
ඔබ හමුවීමෙන් අත් දැක්කෙමි මම

ජීවත් වූවද සමාජයේ මම
හද තුළ මිරිකී මිය ගොස් සිටි මම //
හද පිරි සතුටින් එකමුතු කමකින්
ජීවත් වෙමි දැන් ඔබ හමු වූ මම

මගෙ හදවත පැලී ඉරි තැලිලා ඇත
සුවය ලබන්නට ආවෙමි ඔබ වෙත
මොර දුන්නෙමි මම අඳුරේ සිටගෙන
ඔබ විය ආලෝකය මගෙ දිවියට

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *