පුන ගැයුම :
මේ යාගය යි මාගෙ යාගය යි //
බාර ගන්න දෙවි සමිඳේ මගේ යාගිකා

මා වෙනුවෙන් ඔබ සමිඳේ
දුක් වින්දා කුරුස ගසේ
ඔබ පිදු ඒ දිවි යාගය
මාගෙ යාගය යි

ඔබෙ සිරුරත් ඔබෙ රුහිරත්
සමඟ පුදමි දෙවි සමිඳේ
මගෙ සේවය මගේ වැඩ ඵල
මාගෙ යාගය යි

මා අගයන මගෙ ජීවය
මගෙ හැකියා ඔබ අභියස
අදර හදින් ඔබට පිදෙන
මාගෙ යාගය යි

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *