පුන ගැයුම :
ආදර දෙවි පියේ
පිළිගෙන ඔබ මහිමේ
ඔබ දරු කැල පුදන පඬුරු
බාර ගනු මැනේ //

ගිරි කඳුරෙන් ඇද හැලෙනා දිය ගඟුලක් සේ
ඔබේ සුසුදු වරම් ජලේ ගලා බසීවා
අප වෙත ගලා බසීවා

යාග පඬුර මඟින් අපේ බැතිය වැඩේවා
ඉමක් නොමැති සදා සැපත අපට ලැබේවා
සමිඳුනි අපට ලැබේවා

අප පිය ලන හැම මාවත් එළිය කෙරේවා
වැරදි මඟට නොවැටෙන්නට නැණ පැහැදේවා
නිවැරදි මඟ වැටහේවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *