juse was piyathuma kale kumak da?

එතුමා කළේ කුමක්ද? From 1658 to 1687, Catholics in Sri Lanka were isolated: no priests, no sacraments, and no churches.

ශ්‍රී ලංකාවේ කතෝලික දහම මුල් බැසගත්තේ පෘතුගීසි යුගයේ පැමිණි පෘතුගීසි මිෂනාරි පියතුමන්ලාගේ ධර්ම දූත සේවය නිසා බව අපි කවුරුත් දනිමු. එකී පෘතුගීසි පියතුමන්ලාගේ කැපවීම නිසාම යාපනයේ සිට රටේ දකුණු දිග කෙරවල දක්වාම කතෝලික දහම රට තුල ව්‍යාප්ත වන්නට විය.

1658 දී පෘතුගීසින් එලවා, ලන්දේසීන් ලංකාවේ පෘතුගීසි පාලන ප්‍රදේශවල බලය අල්ලාගන්නා විට රට තුල දේවස්ථාන 415 ක් සහ 70,000 කට අධික කතෝලිකයන් දිවයින තුල විය (There were 415 Churches and Chapels and about 70 thousand Catholics in Ceylon when the Portuguese left the island)

ලංදේසීන් ලංකාවේ පෘතුගීසි පාලන ප්‍රදේශවල බලය අත්කර ගැනීමට පෙරම, එනම් 1638 මාර්තු 28 වෙනි දින, මුළු මහත් ලංකාවේම පාලකයා ලෙස දෙවන රාජසිංහ රජ පිලිගෙන, පෘතුගීසින් රටෙන් එලවා දැමීමට උපකාර කරන බව දක්වමින්, ලංදේසීන් මහනුවර දෙවන රාජසිංහ රජ සමග අත්සන් කල ලංදේසි – උඩරට ගිවිසුමේ (Dutch – Kandyan Treaty) 17 වෙනි වගන්තිය ප්‍රකාරව (Article XVII) කතෝලික පියතුමන්ලා ඇතුළු කතෝලික දහම මුලින් උපුටා දැමීමට ලංදේසීන් සපථ කර තිබුනි

“will not allow in his kingdom any priest, friar or ecclesiastic (Roman Catholic) personality, of the kingdom, and will expel all those living there at present.”

ඉන් අනතුරුව ලංකාවේ කතෝලික ආගමට මෙන්ම කතෝලික ආගම ඇදහූවන්ට ද උදාවූයේ රුදුරු කාලයකි. ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට තුවක්කුව / රාජ්‍ය බලය / නීතිය / වරදාන පිරිනමමින් බලෙන් ආගමට හරවා ගැනීම් වාර්තා වෙන්නේ මේ වකවානුවේ දී ය.

එයත් ලංදේසීන් විසින් කතෝලිකයින් බලෙන් කැල්වියන් ප්‍රෙතස්තන්ත්‍ර (Calvinism) ආගමට හරවා ගැනීම් ය. එය ද ලංකාවට පමණක් සිමා නොවූ ගෝලීය සංදර්භයකිනි. එනම් යුරෝපියානු තිස් අවුරුදු යුද්ධවලට (Thirty Years’ War) සමකාලීනවය.

මේ යුගය තුලදී ලංදේසීන් කතෝලික පල්ලි රාශියක් ප්‍රෙතස්තන්ත්‍ර දේවස්ථාන බවට පරිවර්තනය කර ගත්හ නැතහොත් ගිනිතබා සහමුලින්ම විනාශ කලෝය. පන්දහසක රැස්වීමට හැකිවූ යේ යැයි කියන මිගමුවේ දේවමතා දේවස්ථානය (Madre De Deus /mother of God Church) එවැන්නකි.

කොළඹින් පමණක් කතෝලික පියතුමන්ලා 50 දෙනෙකු අල්ලාගත් ලංදේසීන් ඔවුන් රටින් පිටුවහල් කලෝය. 1658 සැප්තැම්බර් 19 වෙනිදා විශේෂ නියෝගයක් පනවමින් කතෝලික පියතුමෙකුට හෝ කතෝලික ධර්ම ප්‍රචාරකයෙකුට රැකවරණය දෙන ඕනෑම අයෙකුට මරණ දඩුවම පණවන බව නිවේදනය කලේය.

ලංදේසින් දෙවන රාජසිංහ රජව මුලා කර, ගිවිසුම් ප්‍රකාරව ලංකාවේ පෘතුගීසි පාලන ප්‍රදේශ රජට ලබා නොදී, ඔවුන්ම පවරාගත් නිසා (ඉගුරු දී මිරිස් ගැනීම) ලංදේසීන් හා උරණවූ රාජසිංහ රජ ලංදේසීන්ගෙන් පීඩාවට පත් කතෝලික ජනයාට සිය පාලන ප්‍රදේශ (උඩරට, වහකොට්ටේ…) වල පැමිණ ජීවත්වීමට ඉඩ දුන්නේය. එහෙත් රට තුල පෘතුගීසි යුගයේදී ක්‍රියාත්මක වු කතෝලික සසුන ක්‍රමයෙන් බ්ද වැටීමටත්, දියවන්නටත් පටන් ගත්හ.

Father Vergonse වැනි වියපත්වූ ජේසු නිකායික මහලු පියතුමෙක්ද, මැකාවු දේශයේ සිට ගමන් කරමින් සිටි Father John ( Father John of Jesus of the Augustinian Order) ද, කොළඹින් පලා විත් මහනුවර සිටි තවත් පියතුමන්ලා දොලොස් දෙනෙකු ගැනද වරින් වර වාර්තා වුවද ලංදේසී යුගයේ කතෝලික ආගමීක කටයුතුවල සක්‍රියවූ කතෝලික පියතුමන්ලා නැත්තටම නැති තත්වයක් උදාවිය.

1687 දී පුජා භාණ්ඩ සහිත පෙට්ටිය හිසමත තබාගෙන කුලිකරුවෙකු ලෙසින් වෙස් වලාගෙන ජුසේ වාස් පියතුමා ලංකාවට පැමිණෙන්නේ මේ තත්වය තුලය. ඕලන්ද කාරයන්ගෙන් ගැලවී, තැනට සුදුසු අන්දමින් වෙස්වලාගනිමින්, කතෝලිකයන් දැනගෙන විශ්වාසය ශක්තිමත් කරමින්, ආගම උගන්වමින්, දේව ප්‍රසාද නිධාන දානය කරමින්, දිව්‍ය පුජාව රහසින් සිදු කරමින් කතොලිකයින් ශක්තිමත් කර සියල්ලන් දිරිමත් කළේය.

එතුමා රටමැද භාගයේ මහනුවරට ගිය විට, ඔත්තු සපයන්නෙකු ලෙස සැක කර සිර අඩස්සි කළේය. එතුමා වසර දෙකකට සිර දඩුවම් වින්දේය. ඉන්පසු මහනුවර කුඩා මඩුවක් සාදා ආගමීක සේවය කිරීමට රජතුමාගෙන් විශේෂ අවසරයක් ලැබිණි. එකල ඉතා භයානක නියගයකට මුළු රටම ගොදුරු වූ විට රජතුමා අන්‍ය ආගමික නායකයින් ලවා යාතිකා යනාදිය කර වැස්ස ලබා ගැනීමට නොයෙකුත් පුජාවන් කළේය. නමුත් වැසි නොලැබිණ. රජතුමා ජුසේවාස් නම් භක්තිවන්ත පුජකයා ගෙන්වා ‘ ඔබේ දෙවියන්ට යාච්ඤා කර , අපට වර්ෂාව ලබා දෙන්න’ යි කිවේය.

එවිට එතුමා මාලිගාව අසල පිට්ටනියේ කුඩා අල්තාරයක් සාදා, ඒ මතුපිට කුරුස ප්‍රතිමාව තැබිය.ඉන්පසු එතුමා දණගසා දෙවියන් වහන්සේට තමන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන මෙන් අයැද සිටියේය. එම යාච්ඤාවට පිළිතුරක් වශයෙන් ඉතා තද වැසි වැස, මුළු රටම තෙමුන නමුත් ජුසේවාස් පියතුමා දණගසා සිටි ස්ථානය සහ එතුමා පමණක් ද නොතෙමි තිබිණි. රජතුමා සහ ජනතාව පුදුමයට පත් වුහ

ඉන්පසු එතුමාට නිදහසේ තම ආගමික කටයුතු කරගෙන යාමට අවසර දෙන ලදී. 1693 – 1697 දක්වා එතුමා නුවර, කොළඹ අතර වූ ප්‍රදේශයද, මිගමුව සහ උතුරුකරයද, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වාද මුළු ලංකා භුමිය තුල විශ්වාසයේ පහන දැල්විය. ඒ කාලයේ තවත් පියවරු දෙදෙනෙකු එතුමාගේ සහයට පැමිණියෝය.

වසුරිය වසංගතය රට පුරා පැතිර ගිය විට රජ වාසල හැරපියා රජතුමා සහ රජ මාලිගාවේ වැසියෝ නගරය අතහැර පලා ගියහ. එනමුත් ජුසේවාස් පියතුමා හා අනෙක් පියතුමන්ලා දෙදෙනා රෝගීන් සමග සිටිමින් ඔවුන්ගේ අවශතාවයන් සපුරාලිය. ඔවුන්ට ප්‍රසාද නිධාන දානය කළේය. එතුමන්ලා සිය කරපිටින් ගෙනගොස් මළවුන් වැළලිය.

වසංගතය සමථයකට පත්වූ පසු රජතුමා සහ මිනිසුන් එතුමා ගැන පැහැදී එතුමාගේ සේවය අගය කළහ. එතුමාට ආධාර දීම සදහා ඉන්දියාවෙන් තව පියවරු කීප දෙනෙක් කිහිප දෙනෙක් පැමිණියෙන්, එතුමාට ශ්‍රී ලංකාවේ ධර්ම දුත සේවය කිරීමට පහසු විය. එම නිසා ලංකාව මීසම් අටකට බෙදා එය සංවිධානය කළේය.

එතුමාගේ සහයට පැමිණි ජාකොමේ ගොන්සාල්වෙස් පණ්ඩිත පියතුමාට ඉගැන්වීමට සහ වන්දනාවට පහසු වන ලෙස සිංහල සහ දෙමල භාෂා වලින් පොත් ලිවීමටද අණ කෙරිණි.

1711 ජනවාරි මස 16 වන සිකුරාදා දින මධ්‍යම රාත්‍රියේදි 11 වෙනි ක්ලෙමන්ට් ශුද්ධෝත්තම පියතුමාගේ (Pope Clement XI) නියෝජිතයා විසින් එතුමාට එවන ලද කුරුස ප්‍රතිමාව රැගෙන ඒ දෙස බලා ”ජේසු ” යන ශ්‍රී නාමය උච්චාරණය කර දෑස් මොක්පුර දෙස ඔසවා පියාණන්ගේ හස්තවලට තම ආත්මය භාර දුන්නේ ශ්‍රී ලංකාවේ කිතු දහම නැවත ප්‍රතිස්ථාපනය කළ ශ්‍රී ලංකාවේ අපෝස්තුළුවරයා ලෙසය.

By the time of his death, Vaz had managed to rebuild the Catholic Church on the island. As a result of his labors, Vaz is known as the Apostle of Ceylon.

මෙතුමාව 1995 ජනවාරි 21 දින 11 වන ජුවාම් පාවුළු පාප්තුමන් විසින් භාග්‍යවරයට ඔසවන ලද අතර 2015 ජනවාරි 14 වන දින ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් ශුද්ධවරයට ඔසවන ලදි.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *