දෙවිඳුනි අපි ඔබ වඳින්නමෝ
වඳිමින් ඔබ ගුණ ගයන්නමෝ
ගයමින් වෙණ තතවයන්නමෝ
ඔබ නිති ඇසුරෙහි වෙසෙන්නමෝ

අරුණෝදය නව දිනයක සිරිය ගෙනෙනවා
කුරුළු රංචු ගී ගයමින් ලොව සරසනවා
පහස ලැබූ මනු ලෝකය පණ ගන්වනවා
පසසා රස ගී ලොව මැව් දෙව්ට ගැයෙනවා

ලා තණ මත පිණි කැට මුතු වගෙ බබලනවා
බටිති ගිරා තුරු අග ගී නද පතුරනවා
වසු පැටවා දෙන තුරුලේ පහස ලබනවා
ලොව මැව් දෙවිඳුට අපි ගී නද හඬවනවා

මීදුම් කඳු සලු පොරවා සිසිල ගෙනෙනවා
සිසිල් සුලං මැද ගොයම ද මුකුලිත වෙනවා
සිඟිති පුතකු මව් තුරුලේ සුවය ලබනවා
සැම මැව් දෙවිඳුට අප තුති ගී පුද දෙනවා

පද රචනය: පෝල් ප්‍රනාන්දු පියතම
තනුව: රේමන්ඩ් ප්‍රනාන්දු

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *