dewa mathawa

මරියාවන් සදහා කතෝලික සභාවේ බහුලව භාවිතා වන නාමය, මෙම නාමයයි . මරියතුමිය ‘දේව මාතාවන්’ {THEOTOKOS} ලෙස පිළිගැනීම කතෝලික සභාවේ මරියාවන් පිලිබදව ඇති දෙවන විශ්වාසයේ දේව ධාර්මික ප්‍රකාශය(Dogmatic Proclamation )වේ.

ජේසු බිලිදාණන් වඩාගෙන සිටින ප්‍රතිමා හෝ පින්තූර වලින් හුවා දැක්වෙන්නේ මරියාවන් පිලිබදව ප්‍රකාශවන මෙම නාමයයි. මෙම නාමයට දිගු ඉතිහාසයක් ඇත. තුන්වන ශත වර්ෂය අවසානයේ පටන් විවිධ පුද්ගලයින් විසින් මෙම නාමය මරියාවන් සදහා භාවිතා කර ඇති බව ඉතිහාසය තුල ඉතා පැහැදිලිය.

නමුත් කොන්ස්තන්තිනෝපල් හි නෙස්ටෝරියස් (ක්‍රි.ව.386-450) විසින් ජේසුට මනුෂ්‍යත්වයක් හා දේවත්වයක් ඇති නමුත් මරියාවන් විසින් ලොවට බිහි කලේ මනුෂ්‍යත්වය පමණක් බවත් ඒ නිසාම මරියාවන් ‘දේව මාතාවන්’ නොව ‘ක්‍රිස්තු මාතාවන්’ ලෙස පමණක් හැදින්විය යුතු බව ප්‍රකාශ කරන ලදී.

ඔහුගේ මෙම මත වාදය බොහෝ දේව ධර්මවාදීන් විසින් ප්‍රතික්ෂේප කල අතර එහි පෙරමුණේ සිටියේ ඇලෙක්ස්සැන්ද්‍රියාවේ සිරිල් ( ක්‍රි.ව.376-444) ය. නෙස්ටෝරියස් ගේ මතවාදය ප්‍රධාන වශයෙන් ශු.ලියවිල්ල තුල අඩංගු වී ඇති දෙවිදාණන්ගේ මාංශගතවීම ප්‍රතික්ෂේප කරන ප්‍රකාශයක් විය.

සභාවේ විශ්වාසයේ ඉගැන්වීම් පිලිබදව ඇතිවූ මෙම තත්වය නිසා ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සදහා සභා මුලිකයන් තුර්කියේ එෆේසස් (Ephesus) නුවර එකතු වූ අතර එය කතෝලික සභාවේ 3 වන මන්ත්‍රණ සභාව විය. 1 වන මන්ත්‍රණ සභාව ජෙරුසලෙම් මන්ත්‍රණ සභාවයි( ක්‍රියා 15).

මෙම එෆේසස් මන්ත්‍රණ සභාවේ දීර්ඝ සාකච්චාවකින් පසුව ක්‍රි.ව. 431 දී , ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යනු පුර්ණ වශයෙන් මනුෂ්‍යත්වය හා දේවත්වය ආරම්භයේ පටන්ම එකට බද්ධව පවතින තැනැන්වහන්සේ බවත්, මරියවන්ගේ කුසෙහි පිලිසිදගත්තේ ඒ තැනැන්වහන්සේ බවත්, ඒ නිසාම මරියාවන් ‘දේව මාතාවන්’ ලෙස ප්‍රකාශ කිරීම නිවැරදි බවත් ප්‍රකාශ කරන ලදී.

මෙහිදී මරියාවන්ට දුන් විශේෂ නාමය ‘THEOTOKOS’ විය. මෙය ග්‍රීක වදනක් වන අතර එහි අරුත නම් THEO – දෙවියන්වහන්සේ. TOKOS උසුලන්නා, දරාගන්නා යන්නයි. එබැවින් THEOTOKOS යනු මරියාවන් පිළිබද ප්‍රකාශවූ විශ්වාසයේ ප්‍රකාශයක් පමණක් නොව, ක්‍රිස්තුස් වහන්සේ පිළිබදවද ප්‍රකාෂවූ විශ්වාසයේ ප්‍රකශයක්ද වේ.

මෙහිදී මරියාවන්ට දුන් විශේෂ නාමය 'THEOTOKOS' විය. දෙවියන්වහන්සේ උසුලන්නා (දරා ගන්නා)
මෙහිදී මරියාවන්ට දුන් විශේෂ නාමය ‘THEOTOKOS’ විය. දෙවියන්වහන්සේ උසුලන්නා (දරා ගන්නා)

දේව මාතාවන් ධර්මයාණෝ තම කුසෙහි පිලිසිදගත් මොහොතේ පටන් කුරුසියේ මරණය දක්වා ජේසු සමිදුන් සමග බද්ධව සිටියාක් මෙන් අපටද ධර්මයාණන් සමග බද්ධව සිටිමින් එම ධර්මය ලොවට ප්‍රකාශ කරන්නට දේව මාතාවෝ අද අප කැදවන්නීය.

ගරු. ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *