නෙතට නොපෙනී මිනිසි මාගේ
සැඟැවී ඉන්නේ දෙවිඳුනේ
හරිම ආසයි ඔබ දකින්නට
මගේ මසැසින් දෙවිඳුනේ

කියන්නට මට බොහෝ දේවල්
තියෙනවා දෙවි සමිඳුනේ
හදේ ගිනිදැල් සුසුම් කඳුලැලි
ඔබ දනී මගෙ දෙවිඳුනී
සදා ආදරයේ ///

මගේ සුහද වූ මිතුරු මිතුරියෝ
වැටී දෙදණින් දැන් යදී
පිහිට ඔබගේ සුහද දෝතින්
දෙන්න සමිඳේ මේ දිනේ
සදා ආදරයේ ///

බලා සමිඳුනි හෙළ පුතුන් ඔබ
ගෙවන ජීවය මේ දිනේ
අඬන අම්මට තැවෙන පිය හට
දෙන්නැ සහනය සමිඳුනේ
සදා ආදරයේ ///

මගේ පවුලේ සැම දෙනාටම
පිහිට වෙන්න’ප සමිඳුනී
ඔබට දහසක් පින් කියන්නෝ
ඔබමැ දරුවෝ මේ දිනේ
සුහද සමිඳාණෝ ///

ආදරේ කිරි සාගරේ ලොව
ඔබයි මගෙ එක දෙවිසුරෝ
ඔබට පින් දෙමි වැටී වඳිනෙමි
දකින තෙක් ඔබ මගෙ නෙතින්
සුහද සමිඳාණෝ ///

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *