පුන ගැයුම :
ඔබ අදහන්නෝ මා සමිඳේ
ඔබගේ කටහඬ අඳුනන්නෝ
බැටළු පැටව් තම එඬේරගේ //
කට හඬ අඳුනා ගන්නෝ

බැටළු පැටව් වමු අපි කිතුනුවනේ
අඳුනා ගනිමු ද අපි අපගේ
බැටළු එඬේරා කවුදෝ
මම වෙමි යහපත් බැටළු එඬේරා
වග තුග ඔබෙ කී සැටි සමිඳේ

එති මා පසු පසැ බැටළු පැටව් මගෙ
නෑ යන්නේ උන් ඈත් වැලා
මමයි උනට රැකවරණේ
කෑමට බීමට නිසි තැන් රිසිතැන්
වෙතැ උන් මා දක්වා යන්නේ

අසා ඔබේ හඬ කැඳැවීමේ අප
මෙතෙක් දුරට ඔබ පසු ආවේ
ගැටළු ඉබෝ මතුවන්නේ
කන්දී සිටියොත් කට හඬට ඔබේ
ලිහාගන්න ඔබ අත දෙන්නේ

“යතිද ඔබත් මා අත්හැරැ දමලා”
යනුවෙන් සව්වන් විමැසු දිනේ
කෙලෙසද පිළිතුරු ලැබුණේ
“ඔබ ළඟැ ඇත්තේ දවමන් වචනේ
කොහේ යමුද තව කාව සොයා”

එකහිත් නම් කමු උයා පළාවත්
වෙන හිත් නම් යමු අතේ වෙනත්
කීමෙකි ඒ කට වහරේ
පෙරට තැබූ පය නොගන්නැ ආයෙත්
පස්සට හෙම නම් මැරී ගියත්

කවදාවත් ඔබ නෑ පසු බැස්සේ
ජේසු කිතුනි මගෙ හිමි සඳුනේ
කුරුසෙන් ඔබ නෑ බැස්සේ
කීවත් කපටින් ඔබෙ හිත නළවා
උන්ගෙ වචනෙ ඔබ නෑ ඇහුවේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *