පුන ගැයුම :
මට ආසයි මල් බඳුන් පුදන්නට
දුම් පූජා හැමදාම කරන්නට
හැකියාවක් නැහැ එසේ කරන්නට
සමිඳේ මා පුදනා දේ ගන්න මැනේ

සිහින ලොවේ මා සිතනා දේ
සැබෑ ලොවේ දී කරනා දේ
අනාගතේ මා පතනා දේ
පඬුරු ලෙසින් පුදමි බැතින් ආදර සමිඳානේ

ඩහබිඳු දෝතට පුරවාලා
දුක් කරදර සැම එක් කරලා
මොහොතක සතුටට මුසු කරලා
සතුටු සිතින් පුදමි බැතින් ආදර සමිඳානේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *