පුන ගැයුම :
කුසගිනි වෙමි මා සමිඳේ
දිව බොදුනින් සතපනු මැන
පිපාස වෙමි මා සමිඳේ
දිව රුහිරෙන් පොවනු මැනවි

මහ කතරේ සාගින්නේ
ඔබේ පුතුන් මොර දෙන සඳ
එ හඬ අසා අහස පලා
මන්නා දුන් දෙව් සමිඳේ

ජීවය දෙන බොදුන මමයි
ඔබ කීවා මට මතකයි
කුසගිනි මා නිවනු මැනවි
ඔබගේ ජීවන බොදුනින්

ජීවන ජල උල්පත මම
ඔබ කී සැටි මට මතකයි
පිපස මගේ නිවනු මැනවි
ජීවන උල්පත් ජලයෙන්

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *