පුන ගැයුම :
ඔසවා යන සේ පැටවුන්
රාජාලියා උගේ පියාපත් මත තබා
මතු ඔබෙ දිවිය පුරා
ගෙන යමි මම ඔබ කෙරෙහි බලා විමසා

මා හදවත සාමයෙන් සපිරේ
ඔබ ඇත පැවති මේ දිවිය පුරා මා
ඔබ සුරැකි දෑත් ඇත්තේ වට කොට මා
මම ඔබ ගැන තිර ලෙස සිටිනෙමි අදහා

ඔබ සුරැකි දෑත් අතරේ තබා
නළවන බිළිඳෙකු මෙනි ආත්මේ මගේ
ඔබ ගෙන යා ඇත දිගු කලක් පුරා මා
සොම්නස හා දොම්නස මුසු දිවි ගමනේ

තිර නැති වුව හෝ කවර දැයක් හෝ
මට බිය වන්නට කිසි කරුණක් නොම වේ
මා තුළින් විටෙක මා නිසා විටෙක දී
දිවියේ මා ඔබ අරමුණ සොයනු පෙනේ

දිස්වෙයි හද මැද දුබලකම් මගේ
දිවි ගමනෙ පරාජය දැනේ මට දැනේ
ඔබ සෙමින් නැගිටුවා මා එසැවූයේ
නොමග දිවි මගේ හැපී වැටී සිටි මා

උස් කඳු පසෙකට යන්න සැළැසුවෝ
දිය දහරට ගලනා මාවත සැළැසුවෝ
තද කුණාටු මැද ඔබ සිටියෙ රැඳී මා හා
සුරැකි මාවතේ ගෙන යනු දැනුදු දැනේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *