රස ගීත ගයාලා
නෙත දෙවිඳු යොමාලා
නෙක මලින් පුදාලා
පසසමු සක් පිඹලා
පුන ගැයුම :
රස ගීත නදින්
සෙත ලබන ලෙසින්
පසසාලමි දෙව් සමිඳා //
ආ දෙවිඳු බලතුමෝ
වෙයි අපගෙ රජතුමෝ
යනු දෙසට දෙවිතුමෝ
දස දේසේ සියලුමෝ
ඔබ වනා පිනවමු
ඔබ නම පතුරවමු
සිඹ දෙපා නමදිමු
සොබ සමිඳු දකිනෙමු
සැම විට ඔබ යදිනා
ඔබ දරු ලොව වසනා
සුබ සෙත් සිරි යදිනා
සැම දින පෙම් හදිනා