සමිඳුනී ඔබටම ඇප කැප වී – මම පිදෙමි පිදෙමි
සියලු දෙයින් සුසුදු සිතින් – මම පුදමි පුදමි

පිදෙමි සදා පර නොවන මලක් සේ
ඔබෙ මහිමය උදෙසා
පිදෙමි තවද නොනිවෙන පහනක් සේ
ඔබගෙ එළිය පතුරා
රසය බිඳක් හෝ නොඅඩු ලවණ ලෙස
පිදෙමි රසය වගුරා
පිදෙමි පිදෙමි මම පුදමි පුදමි මම
ඔබට කැපව සැමදා

මා සතු සියලුම දේ ඔබගේ බව
හොඳින් හැඳින පුදමි
සදහට ඔබහට මා ණය ගැති බව
සිතා බැතින් පුදමි
දකුණත දෙන දෙය වම නොදකින ලෙස
ඔබගෙ නමින් පුදමි
රිදෙන තුරුම මම ඔබේ නමට තුති
දෙමින් පිදෙමි පුදමි

මගේ සියලු දෙය මගේ සියලු දෙන
මගේ සියලු ආශා
මගේ සියලු දුක සහ සැම සොම්නස
මගෙ මුළු දිවිය පුරා
ඔබට පඬුරු ලෙස ඔබට පුදමි මම
හැම මොහොතක් පාසා
ඔබට ඔබටමය දෙවිඳු ඔබටමය
මගේ පිදුම සපුරා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *