පුන ගැයුම :
ඔබ මට පෑ
මිතුරු කමට වැඩියේ
හාදකමක් වෙන කවුරුන්ගෙන්
කෙදිනක දී පතනු හැකි ද සමිඳේ

මට ජීවිත උරුමය දෙන්න
ඔබ මරණය පිළිගත්තේ
මට ගැළවුමෙ දොර හැර දෙන්න
ඔබ කුරුසියෙ පණ පිදුවේ

ජේසුනි මා ජේසුනි
ණය ගැති වෙමි මම ඔබට සදා

මට සැපත ළඟා කර දෙන්න
ඔබ විපතට ගොදුරු වුණේ
මට යහ මග හෙළි කර දෙන්න
ඔබ අඳුරට එළිය වුණේ

ජේසුනි මා ජේසුනි
ණය ගැති වෙමි මම ඔබට සදා

සිය මිතුරකු සුබ සෙත වෙනුවෙන්
දිවි පුද දීමට වැඩියෙන්
පිරිපුන් ආදරයක් කොයිදෝ
ලැබ ගන්නේ කාගෙන්දෝ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *