පුන ගැයුම :
පිය නගා නගා යමු දෝත් මුදුන් දී
පුදසුන වෙත දෙවිඳුන්ගේ
මුළු දිවිය ම දෙවිඳුන් හට පුදනට
එක පවුලක් ලෙස එකට බැඳී //

දෙන්න වරම් දෙවි සමිඳේ අප හට
ඇප කැප වන්නට ඔබෙ ජනතා වෙත
දෙන්න වරම් දෙවි සමිඳේ අප හට
භේද දුරැරලා එකමුතු වන්නට

දෙන්න වරම් දෙවි සමිඳේ අප හට
දහම් සුවඳ දස අත පතුරන්නට
දෙන්න වරම් දෙවි සමිඳේ අප හට
නිති දින ඔබ මග පියවර තබනට

දෙන්න වරම් දෙවි සමිඳේ අප හට
දුක සැප එක ලෙස ඔබට පුදන්නට
දෙන්න වරම් දෙවි සමිඳේ අප හට
දිවි හිමියෙන් ඔබට ම නතු වන්නට

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *