නිල් ගුවනේ පාවෙන සුදු වළාකුලේ
තුරු වදුලේ ගී ගයනා කුරුල්ලනේ
පුදසුන වෙත යන මේ මොහොතේ
අප හා ඔබ හැම එක්වන්න

පෙති ව්හිදා හිනැහෙන මල් කුමරියනේ
රංචු ගැසී ඉගිලෙන රන් සමනලුනේ
මැඳුර තුළට යන මේ මොහොතේ
අප හා ඔබ හැම එක්වන්න

ගලා හැලෙන දිය ඇලි රූ රැජිණියනේ
දෙව්දු මැවු පණ ඇති නැති සියල්ලනේ
දෙව් හමුවට යන මේ මොහොතේ
අප හා ඔබ හැම එක්වන්න

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *