ජීවන දායක පූපය මේ
ජේසුගේ සිරි සිරුරම එය වේ
සමිඳුනි ඔබ දෙන තිළිණ නිසා
ඔබහට නිරතුරු තුති වේවා

මම සැම විට සමිඳුන්ට ප්‍රශංසා කරමි
නිරතුරු මෙම ප්‍රශංසාව මා මුවෙන් රැව්දේ

මාගේ ආත්මය සමිඳාණන් තුළ උදම් අනන්නේය
දුකින් පෙළෙන්නෝ මෙය අසා ප්‍රීති වන්නෝය

මා සමඟ සමිඳාණන්ගේ මහිමය ප්‍රකාශ කරන්න
අපි සැවොම උන්වහන්සේගේ නාමය මහ හඬින් පසසමු

ස්වාමින් වහන්සේ කොපමණ මධුරදැයි රසවිඳ බලන්න
උන්වහන්සේ තුළ රැකවරණය සොයන්නා ප්‍රීතියෙන් පසුවේ

ඔබේ දිව නපුරෙන් රැක ගන්න
ඔබේ තොල් අසත්‍ය වූ දෙයින් රැක ගන්න

අයහපතින් ඈත්වී යහපතෙහි ම යෙදෙන්න
සාමය සොයා එය අනුව යන්න

පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට
දැනුත් සදාකල්හිත් මහිමයම වේවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *